1941 ජූනි මස 2 වැනිදා, අරුණෝදයට පෙර, බටහිරදිග සීමා මුර කළ සෝවියට් ආරක්ෂක මුර සංචාරක භටයන්ට අහසෙහි යම් අමුත්තක් දක්නට ලැබේ. දේශසීමාවට එපිටින් පිහිටි, නාසිවරුන් විනාශ කළ පෝලන්ත ප්‍රදේශයේ බටහිර අහසෙහි තරු රැසක් පෙනෙයි ! ග්‍රීෂ්ම ඍතුවේ රාත්‍රියක දක්නට ලැබෙන, මද දීප්තියෙන් යුතු මෙම තරු අතර කොළ සහ රතු පැහැයෙන් යුතු තාරකා වැනි කිසිවක් නැගෙනහිර දෙසට සෙමින් සහ සීරුවෙන් ගමන් කරන බැව් පෙනෙයි. එක්වර ඒ සියල්ල බටහිර ක්ෂිතිජය පුරා විසිරි ගිය අතර එන්ජින් බොහෝ ගණනක් එකවර ක්‍රියා කරන හඩද ඇසුණි. මෙම ශබ්දය ක්‍රමයෙන් වැඩිවූ අතර මුළු ගුවන් ගැබ ඉන් නින්නාද විය.
Bresht Balakotuwe Weerayo - බ්‍රෙෂ්ට් බළකොටුවේ වීරයෝ
- Publisher: Kurulu Poth Prakashakayo - කුරුලු පොත් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - K.P. Nihalnanda - කේ.පී. නිහාල්නන්ද
- - Sergi Smirnov - සෙර්ගි ස්මිර්නොව්
- ISBN: 9789555910781
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25