• Rathu Iri Andina Atha - රතු ඉරි අඳින අත


⁣"...මේ රට වචන කිහිපයකින් සෙලවී යයි. වචනවලින් රටම හොල්ලන අයගේ වචනවලින් කලින් කල මත්වීමට මේ රට ආසා කරයි..."

මාරක කතා, හාස්‍ය කතා වැනි ජනප‍්‍රිය උපශානරීය ආඛ්‍යාන අංග වේගයෙන් දිවෙන ක‍්‍රියාදාමවලින් යුතු නවකතාවක් සාදන්නට එකලස් කරන 'රතු ඉරි අඳින අත' සරල කලාකාමීත්වයේ සහ මතුපිට සංස්කෘතිකවත්භාවයේ තුනී ආවරණය යටින් ඇති සමකාලීන ජීවිතය හසුකරගන්නේ නාට්‍යමය උත්ප‍්‍රාසය ආත්මය කොටගත් සිද්ධි දාමයක් ඔස්සේය.

මනුෂ්‍ය හදවතෙහි ඇති සියුමැලි ස්ථාන පිළිබඳ අනුවේදනීය චිත‍්‍රණයක්ද ඒ අතරම මෙහි දැකිය හැකිය.

නවකතා රචනයෙහි කතුවරයා සතු ප්‍රතිභාව මැනවින් ප්‍රකට කෙරෙන අගනා නිමැවුමකි.

Kanchana Priyakantha 25/08/2019

රතු ඉරි අඳින අත

පොතක් දිහා අපි බලන ආකාර තුනක් තියෙනවා කියලා දවසක්දා මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි දේශනයකදී කිව්වා. එකක් ඒ කෘතිය කේවල කෘතියක් ලෙසට එනම් කතුවරයවත් අමතක කරලා ,දෙවෙනි එක කතුවරයාගේ කෘතියක් ලෙසට , එනම් ඔහු විසින් රචිත වෙනත් කෘතීන් සමග සංසන්දනය කරමින්..අනිත් එක සමකාලින වෙනත් කෘතීන් සමග සංසන්දනාත්මකව

මම ඒක නිසා මේ කෘතිය මුලින්ම කියෙව්වේ පළවෙනි ආකාරයට. අපි කියවන්න යන කෘතිය පිළිබඳ මූලික ඉඟියක් අපට ලබා දෙන තැන තමයි කෘතියේ නම සහ කවරය. රතු ඉරි ඇඳි අත කිව්වම මේ දවස්වලනම් අපේ මතකයට එන්නේ දේශපාලන පක්ෂයක්.හේතුව රතු පාට තියෙන නිසා. කතුවරයාගේ දේශපාලන මතය නිසා පක්ෂය යන දිශාව ගැන ලියපු කතාවක් වෙන්න පුළුවන් වගේ කතාවක් පොත කියවන්නේ නැතිවම කතා වෙනවත් දැක්කා. දේශපාලන පක්ෂයක් දිහා බලන්න ලඝු නොවී නම දිහා බැලුවොත් ආයෙත් අපට දකින්න ලැබෙන්නේ රතු පාට .. ඉරි ගැන කතා කරන කොට මතකයට නැගෙන ඉරි තුනක් තියෙනවා. රතු ඉර, කහ ඉර, සුදු ඉර,.. කහ ඉර සුදු ඉර අයිති තාර පාරට වුණාට රතු ඉර ටිකක් භයානකයි. කාර්යාලයක සේවය කරන්නෙක්ට රතු ඉරක් වදිනවා කියන්නේ ඉතින් දවසම ඉවර කරන්න පුළුවන් දෙයක්.

මේ අවස්ථාවලින් බැහැරව රතු ඉරි අඳින තව අය ඉන්නවා. ඒ ගුරුවරු.. ගුරුවරු ළමයින්ගේ පොත්වල ලියලා තියෙන දෙවල්වල් වැරදි තැන් රතු පාටින් ලකුණු කරනවා.

රතු ඉරි අඳින තවත් අවස්ථාවක් තියෙනවා. ඒ වැදගත් දේවල් යටින්..මොනවා හරි දෙයක් විශේෂයෙන් හයිලයිට් කරලා පෙන්වන්න.

රතු ඉරි අඳින හැම අතක්ම සංඛේතවත් කරන්නේ බලය. බලය තියෙන අත්වලින් ඇඳෙන රතු ඉරි හරි භයානකයි වගේම අනතුරුදායකයි..

කතාව ආරම්භ වෙන්නේ පාසැල් ගුරුවරයෙකු වන සුමිත් 'සුරම්‍ය සන්ධ්‍යා' කියන සුභාවිත ගීතය පිළිබඳ කතා කරන රූපවාහිනී වැඩසටහනක ඉන්න තමන්ගේ පැරණි මිතුරා චන්දනව හඳුනා ගැනීමත් සමග. ජපානේ ඉඳලා චන්දන මිහිඳුකුලසූරිය දිහා බලාගෙන ඉන්නේ ප්‍රේක්ෂක ජනතාව අතර රටේ නම ගිය දේශපාලකයාගේ, විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ගේ වගේම පාතාල කාරයත් ඉන්නවා. සුමිත්ගේ යාලුවා චන්දන මිහිඳුකුලසූරිය කෙනෙක් නොවෙයි. ප්‍රනාන්දු කෙනෙක්. 'නයන' රූපවාහිනි චැනලය අයිති මහත්තයාට ඕනේ විදිහටම සෙන්සේ එහෙම නැත්නම් චන්දන ජාත්‍යාලය දේශප්‍රේමී බව දේශානුරාගය ගලා හැලෙන වචන කියනවා. ඒවා අහගෙන ඉන්න අයගේ හිත්වල චන්දන වීරයෙක් වෙනවා. සුභාවිත ගීතය පිළිබඳ වැඩසටහන ජනප්‍රිය වෙන්නේ එහෙම.

මේ චරිත ඇතුලේ ඉන්න සැබෑ චරිත පාඨකයාට හඳුනාගන්න පුළුවන් වෙන්නේ හෙමින් බොහොම සාවධානයෙන් දැහැනකට සම වැදිලා වගේ පොත කියෙව්වොත් විතරයි. එක හුස්මට කියවලා ඉවර කරන්න බැරි හැම වචනයකම ඉඟියක් තියෙනවා කියලා පාඨකයාට කියන මේ කතාව අපිට මුණගස්වන්නේ අපිට එදිනෙදා ජීවිතේදී නිතරම මුණගැහෙන චරිත නොවේ. හැබැයි අනිත් අය ජීවත් වෙන්න ඕනේ කොහොමද කියලා කියන රතු ඉරි අඳින චරිත. ඒ වගේ චරිත සාමාන්‍ය ජීවිතයක් ගත කරන අයගේ ජීවිතවලට මුණ නොගැහෙන තරමට හොඳයි. මේ කතාව කියවලා ඉවර වුණාම මට මතක් වුණේ ගෝඩ් ෆාද කියන කෘතිය. රතු ඉරි අඳින අතේ ඉන්න භයානක චරිත අවරෝහණ පිළිවෙලට තිබ්බොත් මහත්තයා , චින්තා , බඩී , මනසිකාරයා , සුමිත් කියලා කියන්න පුළුවන්. හැබැයි ආයෙත් හිතලා බලනකොට ඒ භයානක කමත් සාපේක්ෂයි. මහත්තයා මොනතරම් දරුණු වුණත් තමන්ගේ වටේ ඉන්න අය කරන එක වැරද්දකින් හැමදේම ගහලා යන්න පුළුවන්. මහත්තයා කියන චරිතය ගැන කැමැත්තක් ඇති වෙන්නෙම ඒ චරිතය සතුව තියෙන සියුම් බුද්ධිය විචක්ෂණ ශීලී බව නිසා.

අපරාධකාරයෙක් ගැන කැමැත්තක් හිතෙන එකත් අපරාධයක්. රතු ඉරි අඳින අතේ මම කැමතිම ඒකට . රටක ජනතාව විදිහට අපි මොන තරම් සූක්ෂම ලෙස අපරාධකාරයින්ව අදහනවාද ඔවුන්ට වන්දනා කරනවද. මොන තරම් ලේසියෙන් මේ අපරාධකාරයන්ගේ අත්වල නැටවෙන රූකඩ වෙනවද?

රටේ ජනමාධ්‍ය ආයතන තුළ තියෙන තිත්ත ඇත්ත සහ මේ මාධ්‍ය ආයතන ඇත්තටම ඉෂ්ට කරන්නේ කාගේ කාගේ උවමනා එපාකම්ද කියන එකත් මේ කෘතිය තුළ හරි අපූරුවට විස්තර කරලා තියෙනවා. නිවේදකයන් , වැඩසටහන් මෙහෙයවන්නන් සහභාගී වෙන දේශකයන් වගේම ප්‍රේක්ෂකයන් අන්තිමේදී ක්‍රියා කරන්නේ රතු ඉරි අඳින අතකට ඕනේ විදිහට කියන කටුක සත්‍ය කතුවරයා විසින් තමන්ගේ වියමන තුළින් නැවත නැවතත් හෙළිදරව් කරනවා.

සමාජයේ ඉන්න දරුණුම අපරාධකාරයන් වර්ග කළොත් කොටසක් ඉතාම උගත් බුද්ධිමත් අය . තව කොටසක් ඉතාම නූගත් අය .අයගෙන් භයානකම උගත් බුද්ධිමත් අපරාධකාරයා. සමාජයේ ඉන්න අයව ඉතාම සූක්ෂම ලෙස රවට්ටන්න පුළුවන් මේ අයට . මේ අය කරන කියන දේවල් මිනිස්සු අදහනවා. හැබැයි මිනිස්සු දන්නේ නැහැ මේ අය කරන්නේ තමන්ව පාවිච්චි කරන එක කියලා.

'' ඒකෙ නම් කියන ඔක්කොම උන් මැරෙනවානං තව කීදෙනෙක් මැරෙන්ඩ ඕනද බං ? අනික උඹ දැක්කේ නැද්ද ඒකෙ නම කියපු එකෙක් සන්තෝසෙට මැරිලා හාට් ඇටෑක් එකක් ඇවිත්. '' මහත්තයා පෑ සිනාව බඩීට හුරුය. බඩී හිරේ සිට පැමිණෙන විට ඒ සිනාව ඔහු ඉගෙනගෙන තිබුණි. '' මෙතැනින් එහාට ප්‍රශ්න අවශ්‍ය නෑ යන්න ඒ සිනාවේ අර්ථය විය.

'' ඕක ඇත්ත නං මිනිස්සුම නම් ලිස්ට් එවයි ජපන් සෙන්සේට කියවන්න. බලන් හිටපන්කෝ. උඹ එළියේ හිටියේ නෑනේ. මරන්න එකෙක් හිටියම ඇති. ලිස්ට් එවන්න කට්ටිය ඉන්නවා ඕනේ තරම්."

(පිටුව 102)

ෆේස් බුක් වැනි සමාජ ජාලා තුළ ඉන්න අය දැන දැන වගේම නොදැනුවත්වම විවධ පුද්ගලයන්ගේ වාණිජ පරමාර්ථ සාක්ෂාත් කරගන්න පාවිච්චි වෙන ආකාරය පිළිබඳව රතු ඉරි අඳින අතේ ඉතාම මැනවින් කියවෙනවා. ඔවුන්ව පාවිච්චි වන ආකාරය පිළිබඳව කියන අයව ගර්හාවට ලක්වෙනවා. මිනිසුන් ඉන්නා මුලාව පිළිබඳව තමාට වැටහෙන අයුරින් කතාකරන මනසිකාර එහෙමත් නැත්නම් අරවින්ද ඒ සඳහා හොඳම උදාහරණයක්.

" මනසිකාරගේ විවේචකයෝ හෙවත් ජපන් සෙන්සේගේ රසිකයෝ එම සටහන නැවත නැවත ප්‍රචාරය කළහ. ඒ නිසා කලා විහීනයෙකු සේම , ජාති ද්‍රෝහියෙකු වූ මනසිකාර වෙත එල්ල වූ පරුෂ වචන ප්‍රහාරය බල බල මනසිකාර අහස උරව උරවා සිටියේය. "

( පිටුව 83)

ඉතා විශිෂ්ට දහමක් වූ බුදු දහමේ සැබෑ හරය උල්ලංඝනය කරමින් ආගම සූරා කන මේ බලවතුන් බුදු දහම තම වාසියට යොදාගන්නා අයුරු උපහාසාත්මකය. බුදු පිළිමයක ගෙල සිඳීම සිදු කළ මයික් තෝමස්ව , බඩී මරා දමයි.

"බුදුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි මිනිසාට සාධාරණය ඉටු කරන්නයි වාහන මත නංවා උසාවිය අසල පාරට වඩම්මන ලද බුදු පිළිමද , පිරිස පංච ශීලයෙහි පිහිටුවන භික්ෂූන් වහන්සේලාද සහිත උද්ඝෝෂණ සංවිධානය වුවද , බඩී සම්පූර්ණයෙන් නිදහස් කරගැනීමට නොහැකි විය. ''
(පිටු 115)


''අර පිළිම වහන්සේලා කඩපු වෙලාවේ මං දැක්ක දෙයක් කියන්නද?''

''කියපං බං. පිහ ගනිං කඳුළු.''

''පිළිමවල ඇතුළ හිස්. ඕනේ තැනක වඩම්මන්නත් පුළුවන්.''

මහත්තයා මොහොතක් රවාගෙන සිටියේය. ඉන් පසු මඳ සිනාවක් පෑවේය.

''පව්කාර එව්වා නොහිත හොඳට ඉඳල වරෙන්.''

(පිටු 117 ,118)


රංජි නොහොත් මහත්තයා , චින්තා, බඩී හෝ සෙන්සේ යන චරිත නිර්මාණය, පැවැත්ම සහ නඩත්තු කිරීම සිදු කරන්නේ දේශපාලනය , බලය හෝ ධනය විසින් පමණක් නොව පොදුවේ ගත් කළ සමාජය විසින් . එවැනි චරිත නිර්මාණය කිරීම සඳහා සමාජය ලබා දෙන දායකත්වය සුළු පටු කොට තකන්නට බැරි බවත් වෙස් මුහුණු පැළඳගෙන සිටිනා මිනිසුන්ව ප්‍රිය කරනා සමාජය උත්පාදනය කරන්නේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වෙස් මුහුණු පළඳින මිනිසුන්වම පමණක් බවත් රතු ඉරි අඳින අත මනාව කියාපානවා.

වෙස් මුහුණු දාගෙන රඟන අයගේ නිරුවත එළි කරන මනසිකාරයන්ගේ කකුල් කඩා දාන්නෙත් සමාජයම තමයි. සාමනය ජනතාව හැමදෙයක් දිහාම සාමාන්‍ය විදිහට බලන එක නවත්තනකන් මේ රතු ඉරි අඳින අත (හස්තය ) බලවත් වෙනවා වගේම රතු ඉරි අඳින අත ( දිශාව ) තීරණය කරන්නෙත් වෙස් මුහුණු දාගත්තු බලවත් උදවියම තමයි.

නරක අපරාධකාරයයි හොඳ අපරාධකාරයි විදිහට මේ දෙගොල්ලන්ව ආයෙමත් කොටස් දෙකකට බෙදුවොත් නරක අපරාධකාරයා ඉතාම භයානකයි. හොඳ අපරාධකාරයා ඊටත් වඩා භයානකයි. හරියට ගෝඩ් ෆාද වගේ. මහත්තයා චින්තාව මරණයට ගෙනියන්නේ අන්න ඒ විදිහට.

පොත ගැන සමස්තයක් විදිහට කිව්වොත් පොත එක හුස්මට කියවලා ඉවර කරන්න උත්සහ නොකර කියවන්න. හරියට ගෝඩ් ෆාද පොත කියවනවා වගේ. මම ඒ කෘතිය උදාහරණයට ගත්තේ මේ දෙකේ තියෙන සිදුවීම්වල සමානකමක් තියෙන නිසා නොවේ. පොත ඒ තරම්ම හොඳ නිසා.

කතුවරයා ලියපු අනිත් නවකතා තුනත් එක්ක බලනකොට මගේ කියවීමට අනුව මේ පොත තියෙන තැනත් කියන්න ඕනේ. කතුවරයාගේ මහකන්ද පාමුල කෘතිය මම කියවලා නැහැ. නමුත් අටවක පුත්තු, කුරුළු හදවත, අහම්බකාරක කියන කෘතීන් එක්ක සංසන්දනාත්මකව බැලුවොත් රතු ඉරි අඳින අත කෘතිය තමයි ඉදිරියෙන්ම තියෙන්නේ.. හොඳ කෘතියක් කියෙව්වම දැනෙන රසයට එහා ගිය තෘප්තියක් ලබා දීපු කෘතියක්.



-කාංචනා ප්‍රියකාන්ත -




Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Nawa Kavi Salakuna - නව කවි සලකුණ

Nawa Kavi Salakuna - නව කවි සලකුණ

නව සාහිත්‍යය න්‍යාය ගැන නිදර්ශන සහිත හැඳින්වීමක්ද වන මෙම කෘතිය සාහිත්‍ය උගන්වන ගුරුවරුන්ටත්, සාහිත..

Rs. 1,200.00

Amuthu Kathawa - අමුතු කතාව

Amuthu Kathawa - අමුතු කතාව

කතුවරයාගේ ”අමුතු කතාව” පසුගිය දස වසක පමණ කාලය තුළ ප‍්‍රබන්ධ න්‍යාය හදාරන බොහෝ දෙනා අතර අත්පොතක් සේ..

Rs. 550.00

Ahambakaraka - අහම්බකාරක

Ahambakaraka - අහම්බකාරක

2016 සවර්ණ පුස්තක සම්මානය හිමිවූ පොත.2016 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.මෙර..

Rs. 1,200.00

Kurulu Hadawatha - කුරුලු හදවත

Kurulu Hadawatha - කුරුලු හදවත

2014 සවර්ණ පුස්තක සම්මානය හිමිවූ පොත.වැඩවසම් සමාජ ක්‍රමයෙන් බැට කන තම පරම්පරාව ඉන් මුදවා ගැනීමට මූලි..

Rs. 1,200.00

Ara Mihiri Seenu Naadaya - අර මිහිරි සීනු නාදය

Ara Mihiri Seenu Naadaya - අර මිහිරි සීනු නාදය

සමකාලීන සංස්කෘතික දේශපාලන වටපිටාව මිනිස් විඥානයට බලපෑම් කරන අයුරු පරීක්ෂා කරන කතා මාලාවකි...

Rs. 250.00

Nerudage Liyumkaaraya - නෙරුදාගේ ලියුම්කාරයා

Nerudage Liyumkaaraya - නෙරුදාගේ ලියුම්කාරයා

මහා කවි පැබ්ලො නෙරුදාගේ අමරනීය ප්‍රේම කාව්‍ය විසින් කිති කවන ලද ආදරයේ හා ලාලසාව පිලිබඳ කතාවේ පරිවර්ත..

Rs. 400.00

Atawaka Puththu - අටවක පුත්තු

Atawaka Puththu - අටවක පුත්තු

පනස් හයේ ඔහු උපදිනකොට, සිංහල බෞද්ධ ස්වර්නමය යුගය උදා වෙලා. දෙමලටත් දෙවැනි වෙලා, හිටපු සිංහලයො දියසේ..

Rs. 1,600.00

Kalawa Kumatada - කලාව කුමකටද

Kalawa Kumatada - කලාව කුමකටද

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක, භාෂා, සාහිත්‍ය, කලා, ඉතිහාසය වැනි විෂයන් අධ්‍යාපනය ගැන උනන්දුවක් දක්වන..

Rs. 980.00

Alu Pahathi Aranchi - අළු පැහැති ආරංචි

Alu Pahathi Aranchi - අළු පැහැති ආරංචි

2018 රජත පුස්තක සම්මානය(කෙටිකතා) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.අර මිහිරි සීනු නාදයෙන් පසුව ලියනගේ අ..

Rs. 350.00

Tharuna Nawakathakaruweku Wetha - තරුණ නවකතාකරුවෙකු වෙත

Tharuna Nawakathakaruweku Wetha - තරුණ නවකතාකරුවෙකු වෙත

ශ්‍රාස්ත්‍රීය ප්‍රවේශයකට වඩා ප්‍රබන්ධ කතා නිර්මාණකාරයෙකුට හෘදයාංගම විදිහට අමතන - නිර්මාණක ආවේශය සපය..

Rs. 450.00

Manawa Bhakthiya Saha Siththara - මානව භක්තිය හා සිත්තරා

Manawa Bhakthiya Saha Siththara - මානව භක්තිය හා සිත්තරා

1990 දී මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් රචිත ඔහුගේ ප්‍රථම කෘතිය. ..

Rs. 50.00

Maha Purushayekuta Birindakwa - මහා පුරුෂයෙකුට බිරිඳක්ව

Maha Purushayekuta Birindakwa - මහා පුරුෂයෙකුට බිරිඳක්ව

සොෆියා ආන්ද්‍රියෙව්නා නම් සුන්දර යුවතිය වයස අවුරුදු හා අටේදී තිස් හතර හැවිරිදි   ලියෝ ටෝල්..

Rs. 1,950.00

Ketikatha Kalawa - කෙටිකතා කලාව

Ketikatha Kalawa - කෙටිකතා කලාව

The Art of Short Story: A Theoretical and Comparative Study.පරිච්ඡේද- පූර්විකා 1. පරිච්ඡේදය: සිංහල ..

Rs. 880.00

Sithivili Sithijaya - සිතිවිලි සිතිජය

Sithivili Sithijaya - සිතිවිලි සිතිජය

"...මහත්මා ගාන්ධි සිහි කරන මෙම රචනයෙහිදී මගේ ප්රියතම අනික් ඉන්දියානුවා ගැන සඳහන් කරන්නේ ඔහු තාග..

Rs. 600.00

Vila Saha Mala - විල සහ මල

Vila Saha Mala - විල සහ මල

‘‘නොනැවතී ජනේලයෙන් බලා සිටින උදයංග දවසක් විලේ රහස අල්ලා ගත්තා. මංඤොක්කා දළුලන සැටිත් ඔහු දැක්කා. ..

Rs. 180.00

Rala Nagana Minissu - රළ නගන මිනිස්සු

Rala Nagana Minissu - රළ නගන මිනිස්සු

ජෙරොම් ලෝරන්ස් හා රොබට් ඊ ලී ගේ රළ නගන මිනිස්සු' යනු ලෝකය පුරා විවිධ භාෂා වලට පරිවර්තනය වී ඇති ඇමර..

Rs. 450.00

Gedarawata Sithiyama - ගෙදර'වට සිතියම

Gedarawata Sithiyama - ගෙදර'වට සිතියම

තමා ගොඩ නගන ප්‍රබන්ධමය ලෝකයට රසිකයා කැඳවා ඔහුට හෝ ඇයට නොයෙකුත් අනු - ධ්වනි ආනන්ද සපයන අතර කම්පනී..

Rs. 450.00

Ithihasayak Thula Sahithya - ඉතිහාසයක් තුළ සාහිත්‍යය

Ithihasayak Thula Sahithya - ඉතිහාසයක් තුළ සාහිත්‍යය

මෙම කුඩා ග්‍රන්ථය සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ඉතිහාසය පිළිබඳ විචාරාත්මක හැඳින්වීමක්ද, සම්භාව්‍ය සාහි..

Rs. 350.00

Swarna Pusthaka Award Long Listed Books 2020 - 2020 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්

Swarna Pusthaka Award Long Listed Books 2020 - 2020 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්

මෙම ඇණවුම සඳහා ශ්‍රී ලංකාව තුළ ෆ්‍රී ඩිලිවරි ලබා ගත හැකිය.  මෙම ඇණවුම සමග තවත් කෙතරම් පොත් ගෙන්..

Rs. 7,420.00

Duwana Wattiya Saha Hinawena Tikira – දුවන වට්ටියා සහ හිනාවෙන ටිකිරා

Duwana Wattiya Saha Hinawena Tikira – දුවන වට්ටියා සහ හිනාවෙන ටිකිරා

මෙය ලියනගේ අමරකීර්ති ගේ නමවන කෙටිකතා සංග්‍රහය ය.කෙටිකතා දහයකින් සමන්විත මෙම කෙටිකතා සංග්‍රහය තුළ කතු..

Rs. 850.00

Vishwavidyala Yanu Kumakda - විශ්වවිද්‍යාලය යනු කුමක්ද

Vishwavidyala Yanu Kumakda - විශ්වවිද්‍යාලය යනු කුමක්ද

විශ්වවිද්‍යාලය යනු කුමක් වීද, කුමක්ද කුමක් විය යුතුද යන ප්‍රශ්න මේ පොතෙන් අසනු ලබන්නේ උසස් අධ්‍යාපනය..

Rs. 1,500.00

Kelalikarayo - කැළලිකාරයෝ

Kelalikarayo - කැළලිකාරයෝ

තුවාල සුවපත් වුවද ඒවාගේ කැළලි හා සම්බන්ධ මතකය සමග පොර බැඳීම ජීවිත කාලයක් පවතින බව කියන මෙම නවකතාව, බ..

Rs. 1,200.00