මහ ගේ
කටු ඔටුණු පැළැඳ ගෙන
කටු ගේ
මහ ගේ !
ලීස්තර වැටක් තිබ්බෙ නෑ
ගඩොල් හැඩ අල්ලපු කොන්ක්‍රීට් කණු දෙක
මල් ලෑලි කැටයම් යට ලී
නෑ ඒ කිසිවක්, ලාබ සිවිලිම මිස
ලී පඩි සොල්දරය
සිතින් මවා ගත්තා පමණ
ඉපැරණි නොවූ
මධ්‍ය සමයක උපන්
මධ්‍යම පාන්තික
මධ්‍යස්ථ මතධාරීන් හිඟ
මහ ගෙයක් නොවෙද මේ ගෙය
සරන කොට එහි
තාත්තාගේ ගෝරණාඩු හඬ
අද මිහිරක්ද මට
අම්මාගෙ නිවුනු කටහඬ
සැනසීමක්ද අද
සණ්ඩු සරුවල් සපිරි
අපි අපේ හඬ
අදටත් අඳුරු චිත්‍රයක් මට
ජීවන මගේ
අඩසියවසක මූර්ති. . ප්‍රතිමා
මල්ලියේ..
නුඹට විතරක් තනි රකිනවද
හුස්මක් ගන්න නොහැකිව
නුඹම විතරක් එහි
සිරගත වුණිද
සැනසුම මහ ගේ නම්
සිර ගේ මොකක්දැයි
නුඹ අහනකොට
මටත් තිබුණේ නෑ උත්තර
ජීවිතය හොය හොයා
නුඹ දුක් විඳින කොට
ජීවිත බුක්තිය
සන්නාමක් විතරද
මහ ගෙදර කිත් යසසට
ඇත්ත මල්ලී.....
කටු ගෙයක් නම්
සිර ගෙයක් නම්
බින්දහැකි...!
Signal Kanda - සිග්නල් කන්ද
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Malik Thusitha Gunarathna - මලික් තුසිත ගුණරත්න
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556565119
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mathaka Visirunu Thanaka - මතක විසිරුණු තැනක
"දැනටමත් මේ නඩේ නින්ද ගංවලට ගිහින් ශිල්පීන්ට පෙරහැරට එන්න එපා කියල සල්ලි බෙදලා ගිවිස්සවාගෙන "..
Rs. 680.00
Shakya Devi - ශාක්‍යා දේවී
මට පහදා ගනු බැරි ආදරේ වදන තුල ඇතී මෙතෙක් මට කියා නොදී සැගව ගත්ත රහස ඔහු දන්නව ඇතීඑයත් රැගෙන හණික අවො..
Rs. 700.00
Loku Rayanna - ලොකු රයන්න
'පවර් හබ්' එක ආවේ හැන්දෑවරුවේ. තොල යට තිබුණු උපන් ලපේ පහළ යනවා වගේ සුනේත්‍රා දැක්කා. ඒ කියන්නේ හිනා..
Rs. 1,000.00
Silver Tips - සිල්වර් ටිප්ස්
"මං ආවා""මං දැක්කා""කොහෙදිද ?""උසාවිය ඉස්සරහදි""ඇයි කතා නොකළෙ ? හරි නරකයි""ගොඩක් කට්ටිය ඔයාව වට කරගෙ..
Rs. 1,600.00