අම්මා වැඩ කළේ ප්‍රංශ කොලනියේ “විලී වුඩ්ලි” ගේ ගණිකා නිවාසෙ.
මාත් වැඩ කළේ එතනම තමයි.
ඒත් ගණිකාවක් විදිහට නෙවෙයි.
ගණිකා නිවාසෙ “වැඩකාරි” විදිහට.
මිනිස්සු හිතන්න ඇත්තෙ මට ඒගොල්ලන්ගෙ රහස් කෙදිරිලි ඇහෙන්නෙ නැතුව ඇති කියලා.
එයාලා සමච්චල් හිනාව පිටට පනින්න නොදී තද කරගන්න හැටි මට පේන්නෙ නැතුව ඇති කියලා..
වල් ගෑනි, ගණිකාව, වේසගෑනි, බඩුව..
මට ඒ සේරම හොදට ඇහුණා.
මාව මුණ ගැහුණාම මට අනුකම්පා කරනවා වගේ යාන්තමට හිනාවෙලා.. මං පහු වෙනකල් ඉදලා ඔය වචන වලින් එකක් මගේ අම්මගෙ නමත් එක්ක ඈදලා කියන හැටි..
මට අවුරුදු ගාණක් තිස්සෙම හොදට ඇහුණා.. පෙනුණා.
මං ඒ කිසි දෙයක් නෑහුණ ගාණට ඔලුව පහත් කරගෙන ඉස්කෝලේ ගියා.
“උඹ තාමත් වැඩ පටන් ගත්තෙ නැද්ද.? කොහොමත් උඹ වැඩ පටන් ගත්තාම උඹව දවසකට දෙකකට අරගෙන යන්ඩයි මං හිතාගෙන ඉන්නෙ. උඹේ පළවෙනි ගනුදෙනු කාරයා වෙන්ඩ මං හොද ගාණක් ගෙවන්නංකො..”
අම්මගෙ ගණුදෙනුකාරයෝ මට කිව්වෙ එහෙම කතා.
ඒත් අම්මගෙ අඩි පාරට වැටෙන්න මට උවමනා වුණේ නෑ..
මට තිබුණෙ වෙනස් හීනයක්.
කවදා හරි විශ්ව විද්‍යාලෙකට ගිහින් ඉගෙන ගන්න..
ඒ හීනෙ වෙනුවෙන් මං වැඩකාර කම් කර කර, සතෙන් සතේ සල්ලි එකතු කළා.
ඒත් හදිස්සියේම...
නොහිතපු දෙයක් සිද්ධ වුණා.
මිනීමැරුමක්.!
ගණිකාවකගෙ දුවෙකුට වැදගත් තාත්තා කෙනෙක් ඉන්න විදිහක් නෑ තමයි.. ඒත් මං හීන මැව්වා. අම්මා නරක වුණාට මට ලෝකෙ කොහේ හරි හොද තාත්තා කෙනෙක් ඇති කියලා.. මං තාත්තා කියලා හිතාගෙන හිටපු කෙනා..
ඔව්.. හදිසියේම එයාව මරා දාලා තිබුණා.!
එයාව මරලා දාලා තියෙන්නෙ මගේ අම්මා..!
ඒ පටලැවිල්ලට මැදි වෙන්නෙ මං.!
ඉතින් ඊට පස්සෙ..
මට මොනව වෙයිද..?
මගේ හීනෙ හැමදාටම හීනයක් විතරක්ම වෙයිද..?
අවමානයෙන්, අපහාසයෙන් පිරිච්ච මේ පාතාල නගරෙ..
මේ අප්‍රසන්න ගණිකා නිවාසෙ.. වැඩකාරි විදිහට හැමදාමත් නවතින්න මට සිද්ධ වෙයිද..?
Kolaniye Kumariya - කොලනියේ කුමරිය
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Muditha Herath - මුදිතා හේරත්
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Ruta Sepetys - රූටා සෙපෙටිස්
- ISBN: 9789556913002
- Availability: Out Of Stock
-
Rs. 780.00
- KBOOKS Cashback Rewards: 78
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Minimaruwage Pemwathiya - මිනීමරුවාගේ පෙම්වතිය
In The Skin Of A Jihadist කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙලඩිගේ වයස අවුරුදු විස්සයි. එයා ඉස්ලාම් ආ..
Rs. 680.00
Hirakari - හිරකාරි
“නංගී මෙව්වා උඹේ විතරක් නෙවෙයි අපෙත් වැරදි“ අක්කා කිව්වා. එදා මට දරුවෙක් ලැබෙන්ට ඉන්නවා කියලා දැනග..
Rs. 450.00
Thara - තාරා
Kiss The Dust කෘතියේ සිංහල පරිවර්තනයයි. "තමන්වම රවට්ටගන්ඩ එපා දරුවො.. ඒ ගෑනි මොනවද මේ දේවල් ..
Rs. 500.00
Abela - ඇබේලා
ඇබේලා.. ඇබේලා.. ඉක්මනට නැගිටපන්..“ නයෙක් පිඹිනවා වගේ පිඹින කටහඩක් ඇහුණා. කවුදෝ මගේ උරහිසින් අල්ලලා හ..
Rs. 450.00
Madurasi Kella - මදුරාසි කෙල්ල
හෝරා දෙකකට පසුව ඔවුන් උන්නේ එකට තුරුළු වී සයනය මත නිදාගෙනය. කිසිවෙකු මහ හඩින් දොරට තට්ටු කරන හඩක්..
Rs. 850.00
Pituwahal Siththari - පිටුවහල් සිත්තරී
එදා රෑ... උන් හදිස්සියේම අපේ ගෙදරටත් ආවා. ඇදගෙන හිටපු රෑ ඇදුම පිටින්ම උන් අපිව අපේ ගෙදරින් ඇදගෙන..
Rs. 730.00
E Mama Neweyi - ඒ මම නෙවෙයි
මගේ පිටිපස්සෙන් "ටක්.. ටක්.." හඩින් අඩි සද්දයක් ඇහුණා. ඒ අඩි සද්දෙත් අඩිය තියන්නේ මම අඩිය තියන වේග..
Rs. 360.00
Nalandawe Shapaya - නාලන්දාවේ ශාපය
Manna Bahadur විසින් රචිත The Curse of Nalanda ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 600.00
Nivunnu - නිවුන්නු
ඒ දෙන්නා නිවුන්නු ..."කරදර කාර නිවුන්නු .."හැමොටම ඒ දෙන්නා එපා වෙලා ඒ දෙන්නටත් හැමෝවම එපා..
Rs. 580.00
Natuwen Gilihee - නටුවෙන් ගිලිහී
අම්මයි තාත්තයි සදහටම යන්න ගිහින් ....එනකල් බලා ඉදලා වැඩක් නෑ .....මමයි මල්ලී වෙන මොනවා කරන්නද ?කන්න ..
Rs. 500.00
Umathu Mandiraya- උමතු මන්දිරය
"ඇතුල්වීම තහනම්." එහෙම දැන්වීමක් අලවලා තිබුණෙ අගුළු දාලා තිබ්බ දොරක.. ඒ දොරෙන් එහා පැත්තෙ තියෙන්නෙ ප..
Rs. 800.00
Shuddha Bhumiya - ශුද්ධ භුමිය
ඩෑන්ට එය හමු වන්නේ ඔහුගේ අතීතය සොයා යන ගමනේදීය..එය රතු මැණිකකි...ගින්දර තරම් දිප්තිමතව ඇවිලෙන අමුතු ..
Rs. 830.00
Nihanda Ulpath - නිහඬ උල්පත්
''කපුටෝ ''තාත්තාව නිවාස ඉදිරිපිටම මරා දැමුහ.අම්මා සිපිරිගෙය තුලදී මැරුම් කෑවාය.මුළු පවුලම ද්‍රෝහීන් ..
Rs. 1,200.00
Abhisarika - අභිසාරිකා
ඒ මිනිසා තවත් වචනයක්වත් කීවේ නැත. ඔහු මගේ කෙස් වැටියෙන් අල්ලා තදින් පසුපසට ඇද්දේය. හදිසියේම ඔහුගේ දෑ..
Rs. 790.00