• Thee Ha Tha - තී හා තා

ඒ කාලෙ මම නිතර දැකපු දවල් හීනයක් තියෙනවා. දිව්‍යායි හසිනියි දෙන්නම මට හිමි වෙනවා. නීත්‍යානුකූල අයිතියක් අවශ්‍ය නැතැයි හසිනි කියනවා. හසිනිගේ පැවැත්ම දිව්‍යා ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ඉනික්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ. එහෙම වෙන්නෙ හීන වලදි විතරයි. අඩුගානෙ සුරංගනා කතා වලවත් නෑ ඒ තරම් සාමකාමී ජීවිතයක්. ජාතක කතා සුරංගනා කතා වලට වඩා දියුණු හිංදා ඒවායේ තියෙනවා අඹුවෝ දෙන්නා සමඟියෙන් හිටි හැටි. අඹුවන් හතර දෙනෙක්ට නීතියෙන්ම අවසර දීලා තියෙන හින්දා, ආගම් අතින් ගත් කළ දියුණුම ඉස්ලාම්. ප්‍රේමයේ සියළු රසවිඳින්න නම් ගෑණු දුසිම් දෙකක්වත් ඕන. අම්මපා මම ශාස්තෲවරයෙක් වුණානම් බඳින වුන් බඳිනවා ගස්. හොඳම ප්‍රේමවන්තයන් හොයන්න රියැලිටි ෂෝ එකක් තියලා, ජයග්‍රාහකයෝ අනුගාමිකයො කරගන්නවා බලෙන්ම.


”නවකතාව සඳහා වූ අපූර්ව භාෂා ශෛලියක් නිර්මාණය කරන නවකතාවක්. හැඟුම්බර හා බියකරු සිදුවීම් මෙන්ම ලිංගිකත්වය පවා (එ්වායේ මුල් නොසිඳෙන සේ* සදය උපහාසයකින් ප‍්‍රතිනිර්මාණය කිරීමට කතුවරයා සමත්. මෙය සිංහල නවකතාව තුළ අතිශය විරල අත්දැකීමක්. වියමන තුළ ඍජුව ප‍්‍රකාශමාන නොවන හැඟුම්කාරකයන් ගවේෂණය කිරීමට පාඨකයා පොළඹවනසුලූ ආඛ්‍යානික ප‍්‍රවේශය නිසා කෘතියේ ගැඹුර හා රසය තීව‍්‍ර වේ.”
- සමන් වික‍්‍රමාරච්චි

”‘තී හා තා’ අසීමිත බැඳීමක් පිළිබඳ කතාන්දරයකි. ආදරයක මටසිළුටු බව සේ ම රළු පරළු බව ද එක්තැන් කළ අමුතු නවකතාවකි. නූතනයේ එක්තරා පරම්පරාවක ආදරය පිළිබිඹු කරන නවකතාකරුවා එකී තරුණ ජීවිත සමූහය දෙස හෙළන්නෙ අසම්මත මුත් නව්‍ය දෘෂ්ටියකි. ඊට ම උචිත වූ ලේඛකයාගේ සුවිශේෂ භාෂා භාවිතය පාඨක සිත් ඇද බැඳ ගනී.

Dimantha Polwatte 12/03/2023

තී සහ තා - සුරත් ද මැල් : යොවුන් සහ තරුණ රස්තියාදුකාර ආදර කතාවක් / තී සහ තා / Thee ha Thaa / She and He - Surath De Mel : A young, youthful and mischievous love story

පිටු 392 ක් පුරා දිව යන මිල රු. 650ක් වූ 'තී සහ තා" නවකතාව සුරත් ද මැල් නම් අලෙවිකරන ශිල්පියාගේ ප්‍රථම ලියමනයි.

නාගරික ප්‍රේම කතාවක් ලෙස අලෙවිකරණය වූ මෙම නවකතාව අර්ධ නාගරික ගම්පහ ජීවත් වූ මටද සමීප අත්දැකීම් සිහිපත් කරන අතීත කාමයෙන් පිරීගිය මාගේ පරම්පරාවේ අවංක ආදර කතාවක් ලෙස මට හැඟුණි.

මාර්ටින් වික්‍රමසිංහ සහ පසුකාලීන ශ්‍රී ලංකාවේ යතාර්ථවාදී නවකතා රටාවේ ඇති විවිධ අර්ථකතන වලට යෑමේ සීමාකම බිඳහෙලූ නවකතාවක් ලෙස මෙය හැඳින්විය හැක.

උපුල් ශාන්ත සන්නස්ගල, සමන් වික්‍රමාරච්චි, චින්තන ධර්මදාස හා කේ. කේ. ශ්‍රීනාත් වැනි ප්‍රතිකලාත්මක (Anti-art) නවකතා රටාවක් යොදාගන්නා ලේඛකයෙක් ලෙස සුරත් ද මැල්ගේ මෙම කෘතිය හැඳින්විය හැක.

නූතන ආදරය කෙතරම් දූෂිත විය හැකිද යන්න මෙම විවෘත සහ අමුතු නවකතාව කියවන්නාට පසක් කර දේ.

කතාවේ මධ්‍යයට යන විට තරමක් නීරස වන නවකතාව එහි පවත්නා නිර්මාණශීලි, යථාර්තයෙන් වියුක්ත රටාව නිසා නව පනක් කියවන්නාට ලබා දේ.

ග්‍රන්තයේ අග භාගයේදී තරමක් දුක්බර මෙන්ම ව්‍යාකුල ස්වභාවයක් ගන්නා කතාව අවසන් වන්නේ අපව බලාපොරොත්තු විරහිත කරමිනි.

ප්‍රතිසංස්කෘතික මෙන්ම උපසංස්කෘතික ලක්‍ෂණ වලින් ගහන මෙම නවකතාවේ පහත උදෘතය එහි ඇති නව්‍ය භාෂා විලාශය හෙළිදරව් කරයි.



"මට මගේ මුහුණ හුරුවුවාට එක්වරම එය දකින අයට එසේ නොවන බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ නිසා මම කාටවත් වැඩිය මුණ දුන්නේ නෑ. සමහර නළු නිලියෝ තමන්ගේ මුණේ ලස්සනම පැත්ත විතරයි කැමරාවට හරවන්නේ කියල මම අහල තිබුණා. අඩුම කැත වම් පැත්තේ කියල හිතල මම වැඩිපුර වමට බර වුණා. අන්තිමට වාමාංශිකයෙක් වුණා."

-පිටු 34-



මෙම නවකතාව පශ්චාත් නුතනවාදී නවකතා රටාව උත්කර්ශයට නංවන කෘතියකි.

"තී සහ තා / Thee ha Thaa / She and He" is Surath De Mel's 392 page, 650 LKR valued novel. Surath De Mel is a marketer by profession.

Though this novel was marketed as an urban love story, a suburban Gampaha living reader like me also was able to have nostalgic memories of my youth and young age with my generation being depicted in the story very well.

Unlike novelists like Martin Wickramasinghe and later writers, the barriers to having multiple interpretations of the novels were avoided by departing from the realist writing style.

Surath De Mel has used Anti-Art novelization tactics used by Upul Shantha Sannasgala, Saman Wickramarachchi, Chinthana Dharmadasa, and K.K.Srinath is evident when reading the novel.

How post-modern life and love can be confusing, corrupted, and even open can be seen when reading this disturbing and somewhat weird novel.

Though the novel becomes tasteless in the middle chapters, its creative and detached writing style from reality gives life to readers.

The storyline and the book, in the end, are filled with sadness and creates hopelessness in the readers.

This novel can be considered as a countercultural and subcultural reflection of the Sri Lankan society with a post-modern writing style.

Kanchana Priyakantha 11/10/2019

ඒ කාලේ මම නිතර දැකපු දවල් හීනයක් තියෙනවා. දිව්‍යායි හසිනියි දෙන්නම මට හිමිවෙනවා. නීත්‍යානුකූල අයිතියක් අවශ්‍ය නැතැයි හසිනි කියනවා. හසිනිගේ පැවැත්ම දිව්‍යා ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ. එහෙම වෙන්නේ හීනවලදී විතරයි. අඩුගානේ සුරංගනා කතාවලවත් නෑ ඒ තරම් සාමකාමී ජීවිතයක්. ජාතක කතා සුරංගනා කතාවලට වඩා දියුණු හින්දා ඒවායේ තියෙනවා අඹුවෝ දෙන්නා සමගියෙන් හිටි හැටි. අඹුවන් හතරදෙනෙක්ට නීතියෙන්ම අවසර දීලා තියෙන හින්දා ඒවායේ තියෙනවා අඹුවෝ දෙන්නා සමගියෙන් හිටි හැටි. අඹුවන් හතරදෙනෙක්ට නීතියෙන්ම අවසර දීලා තියෙන හින්දා , ආගම් අතින් ගත් කළ දියුණුම ඉස්ලාම්. ප්‍රේමයේ සියලු රසවිඳින්න නම් ගෑනු දුසිම් දෙකක්වත් ඕන. අම්මපා මම ශාස්තෘවරයෙක් වුණා නම් බඳින උන් බඳිනවා ගස්. ''

(පිටුව 193)

සුරත් ද මැල් ලියපු තී හා තා කතාවේ ප්‍රධාන චරිතය තමයි ගීත් . ගීත් පොල්ලෙන් ගැහුවා වගේ ඇත්ත හිතනවා. නරුමයෙක් වගේ හැසිරෙනවා. රවටනවා. රැවටෙනවා. හැමදෙයක් අස්සෙම තමන්වම සාධාරණීකරණය කරගන්නවා. හැබැයි මේ ගීත් කියන චරිතය අඩු වැඩි වශයෙන් හැම පිරිමියෙක් ළඟම ජීවත් වෙනවා ඇතියි කියලත් හිතෙන තරම් ගීත්ගේ චරිතය ඉතාම තාත්වික ලෙස හසුරවන්න කතුවරයා සමත්වෙලා තියෙනවා.

ගීත් ප්‍රේම කරන්න පටන්ගන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳලම. ඒ දිව්‍යට . මානව සම්බන්ධතා ඇතුළේ තියෙන සදාතනික සරල ලෙස පේන සංකීර්ණත්වය තී හා තා කතාව පුරාම විසිරෙනවා කියලා මට හිතෙනවා. එකට ජීවත් වෙන කාලය වැඩි වෙන කොට ආදරය වෙනුවට ඇතිවෙන අවබෝධය ඇතුළේ ජීවත්වෙන්න පහසු වෙනවා. ගීත් සහ දිව්‍යාගේ සම්බන්ධය පුරාම පැහැදිලිව දකින්න පුළුවන් ඒ දේ. දෙන්නම සැරෙන් සැරේට වෙනත් ස්ත්‍රී පුරුෂ පාර්ශවයන් කෙරෙහි ආශක්ත වෙනවා. නමුත් දෙන්නම වග බලාගන්නවා තමන්ට ජීවත් වීමට වඩා පහසු කෙනා එක්ක නිතරම රැඳෙන්න.

ගීත් සහ දිව්‍යා විතරක් නොවෙයි ගොඩක් දෙනෙක් එහෙම තමයි කියලා කල්පනා කරලා බැලුවොත් හිතෙන්න ගන්නවා. අවසානයේදී දිව්‍යා ගීත්ව අත ඇරලා වෙනත් පිරිමියෙක් සමග විවාහ වුණත් ජීවිත කාලය පුරාම ඔවුන් අතර මිත්‍රත්වයක් පවතිනවා. මේ කතාව ඉතාම රසවත් ලෙස ගලා යනවා. ඒ එක්කම කිසිඳු චරිතයක් විනිශ්චය කරනවා වෙනුවට තම තමන්වම ඒ හරහා අවබෝධ කරගැනීමට කතුවරයා පාඨකයාට අවස්ථාව සලසලා දීලා තියෙනවා.

සම්බන්ධතා ඇතුළේ පුද්ගලයන්ව රඳවලා තියෙන්න ආදරයම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ කටුක යතාර්ථයත් තී හා තා කෘතියේ චරිත මතුකරනවා.පරමාදර්ශී චරිත හෝ පරමාදර්ශී ප්‍රේමය කියා දෙයක් ලෝකේ නැහැ. ඒ වෙනුවට තියෙන්නේ විවිධ හේතුන් මත පැවැත්ම තහවුරු වුණ බැඳීම් ගොන්නක්.

ඒ තමයි තී හා තා නව කතාව කියවලා ඉවරවුණාම මට ආයෙමත් මතක් වුණු දේ.

-කාංචනා ප්‍රියකාන්ත -

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Swarna Pusthaka Award Long Listed Books 2020 - 2020 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්

Swarna Pusthaka Award Long Listed Books 2020 - 2020 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්

මෙම ඇණවුම සඳහා ශ්‍රී ලංකාව තුළ ෆ්‍රී ඩිලිවරි ලබා ගත හැකිය.  මෙම ඇණවුම සමග තවත් කෙතරම් පොත් ගෙන්..

Rs. 7,420.00

C+ - සී+

C+ - සී+

සී+,සුරත් ද මැල් ගේ දෙවන නවකතාවයි.ඔහුගේ ප්‍රථම නවකතාව 'තී හා තා'පාඨක,විචාරක සාහිත්‍ය සම්මාන දිනා ගැන..

Rs. 1,950.00

Duo - ඩුඕ-Dedenek-දෙදෙනෙක්

Duo - ඩුඕ-Dedenek-දෙදෙනෙක්

ඩුඕ  සුරත් ද මැල් ගේ  තෙවන  නවකතාවයි.ඔහුගේ ප්‍රථම නවකතාව 'තී හා තා'පාඨක,විචාරක සාහිත්..

Rs. 1,350.00

Lamuthu Amaya - ළමුතු අමයා

Lamuthu Amaya - ළමුතු අමයා

'ළමුතු අමයා' ළමා පොතක් නොව ළමයෙකුගෙ සැබෑ සිතුවිලි පිළිබඳ උපහාසාත්මක හා යථාර්ථවාදී  නවකතාවකි. "ළ..

Rs. 800.00