බිළිඳි සැමියා රැකගන්නට හිතා ගත්තාය.ඈ නැන්දම්මා දෙස බැලුවේ පිළිකුලෙනි.දවාලේ අමුහාල් බතට රටදෙල් වෑංජනයක්ද කොළ මැල්ලුමක් හා බිලිං අච්චාරුවක්ද විය.ගොරක මෙන් වේලා හැදූ අව් රස බිලිං අච්චාරුවට සරණා බොහෝ කැමති විය.උංගු මාමණ්ඩියගේ දානය පන්සලට ගෙන ගිය දවසේ හාමිනාගේ ගෙයි පිළේ හිඳ කෑ බතෙහි වූ බිලිං අච්චාරුවේ රස සරණාට යළි සිහි විය.පුසුඹීට හෝ කපුරුට කියා අච්චාරුවක් හදා ගන්නට ඔහු සිතා ගත්තේය.
" අපේ හේතු හාමිට කසාදෙ වගතුවක් නෑ.ඒකි මූදේවි කොමට බලාගත්තු අතේ බලාගෙන ඉන්නව...උයපං කිව්වොත් උයනව..වෙළදාං හරියන්න හෙමත් ගෑනිට පින තියෙන්න ඕනෙ"
2017 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
2017 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
Garuda Muhurthaya - ගරුඬ මුහුර්තය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Keerthi Welisarage - කීර්ති වැලිසරගේ
- - Swarna Pusthaka Award Nominated Books 2017 - 2017 සවර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- - Fairway Literary Award Nominated Books 2017 - 2017 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789553106599
- Availability: Out Of Stock
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 150