ඉතිබිසෝ ජාතක කාව්‍යය ක්‍රි.ව. 1711 දී අල්ගම පතිරාජ කිවිඳුන් විසින් රචනා කරන ලද්දකි. ඉතිබිසෝ ජාතකය ගද්‍යය ඊට ද වඩා පැරණි යුගයකට අයත් බව සැලකිය හැකි ය. මෙම ජාතක කථාවේ ඇති විශේෂත්වය වන්නේ එය ජාතක පොතෙහි අන්තර්ගත නොවන කථාවක් වීමත්, බෝසතුන්ගේ ස්ත්‍රී ආත්ම භවයක් නිරූපණය කරමින් මෙරට දැකගත හැකි එකම කථා පුවත වීමත් ය. සෙංකඩගල යුගයේ ස්ත්‍රීවාදී සාහිත්‍ය පිළිබඳ කථාබහේ දී සිවිශේෂී ව කියැවුණ ද මෙතෙක් මුද්‍රණද්වාරයෙන් පිට ව නොතිබීම නිසා විද්‍යාර්ථින්ට මෙය පරිහරණයට අවස්ථාවක් නොවුණි.
ජාතක පොතෙහි නොමැති මෙම කථා පුවත සෙංකඩගල යුගයේ කවියකු විසින් මනහ්කල්පිත ව පබඳින ලද්දක් ද? නොඑසේ නම් මෙහි ප්රභවය හා විකාශනය කෙසේ සිදු වී ද? මෙරට පමණක් නොව බ්‍රිතාන්‍යයේ හියු නෙවිල් එකතුවේ හා බ්‍රිතාන්‍යයේ වෙල්කම් පුස්තකාලයේ ඇති පුස්කොළ පිටපත් ද භාවිත කරමින් පිළියෙළ කළ ශාස්ත්‍රීය සංස්කරණයකින් ද, ඒ පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයකින් ද සමන්විත මෙම පර්යේෂණ කෘතිය සිංහල සාහිත්‍යයේ හා බෞද්ධ සාහිත්‍යයේ නොදුටු පැතිකඩක් පාඨකයාට විවර කරයි.