හේ දෑස් විදාගෙන වීදුරු තහඩුව හරහා පිටත බලාගෙන සිටියේය. කම්පනයෙන් ඔහුගේ අත්ලක් වීදුරුවක් මත සෙමෙන් තබනු දැක මම ද පිටතට නෙත් යොමු කළෙමි. අවට අප ගොඩනැගිල්ල වටා වූ ගොඩනැගිලි සියල්ලේම කිසිවෙකු දක්නට නොලැබුණ බව, මට වැටහුණේ එවිටයි! අප දෙදෙනාම එකම ඉරියව්වෙන් වීදුරු කවුළුවට අත්ලවල් තබාගෙන පිටත බලාගෙන සිටියෙමු. බෙහෙවින් සැකකටයුතුය. පාරේ පවා කිසිවෙකු ගමන් කරනු දක්නට නොලැබුණි. වටපිටාවේ කවුරුවත් සිටියේ ද නැත. සිව් දෙසම පෙනෙන තෙක් මානයේ, කවුරුවත් දක්නට නැත! දක්නට සිටියේ නැත! එහෙත් ඊළඟ මොහොතේ, ඊළඟ අද්භූත දෙය සිදුවිය.
අහල පහල ගොඩනැගිලිවල කාමරවල තැනින් තැනින් එක්කෙනා දෙන්නා.. එක්කෙනෙක් වගේ.. එක ජාතියේම.. අමුතු සූට් එක ඇඳගත් .. ආහ්, අර අජටාකාශ ඇඳුම් වැනි ඇඳුම් .. හැඳි අය.. තැන තැන සිටගෙන ඒ ඒ කාමරවල පාරදෘශ්‍ය වීදුරු කවූළු අසලට වී සිටගෙන, වීදුරුවට අප මෙන්ම අත තබා ගෙන, අප සිටිනා මේ කාමරය දෙස ම එක එල්ලේ බලාගෙන සිටිනු, දකින්නට ලැබෙන්නට පටන් ගත්තේය. සියල්ලන්ම එලෙසය. ඊළඟ මොහොතේ ඒ ඒ පුද්ගලයන් සිටිනා කාමරවල අනෙක්පස කාමරවල පවා එම ආකාරයේම පුද්ගලයන් එක එකා හිස් අවකාශය තුළින් මැවෙන්නට වූ අතර, වැඩි වේලාවක් යන්නට පෙර එකම කාමරයේ පවා තව තව එවැන්නන් මැවෙන්නට පටන් ගත්තේය.
මොහොතකට පෙර හිස්ව පැවති සෑම ගොඩනැගිල්ලකම සෑම කාමරයකම සෑම කවුළුවකින්ම අප දෙසම බලා සිටිනා එකම ආකාරයේ පුද්ගලයන්ගෙන් පිරෙන්නට විය.
මම බෙහෙවින්ම භීතියට පත් වූයෙමි. ඔහු දැනටමත් කවුළුව අසලින් පියවරෙන් පියවර පස්සට තබන්නට පටන්ගෙන ඇති අයුරු මම දුටුවෙමි. ඔහුට යමක් අවබෝධවී ඇති බවක් ඔහුගේ දෙනෙත් කියා පෑවේය.
‘මොකක්ද මේ වෙන්නෙ?’ මම වියළි උගුර කෙලපොදක් ගිල තෙත්කර වචන ගලපා ගත්තෙමි.
ඔහු එක්වරම ඒ හඬට තිගැස්සී මා දෙස බැලුව ද තවත් මොහොතක් යන තෙක් පිළිතුරක් දුන්නේ නැත. ඔහු ඉතා වේගයෙන් කල්පනා කරන බව මට වැටහුණි.
පිටත බලා සිටි සැවොම එක්වරම සෙලවුණි. ඔවුහූ හුන් තැන්වලින් දිවයන්නට පටන් ගත්හ. ඔවුන් හඹා එන්නේ අප පසු පසිනි! ඒ දිව එන්නේ මෙතැනට බවට වූ භයානක සිතුවිල්ලක් මගේ සිතට නැගුණේය. මගේ අත පය
Awasan Nirupadrithaya - අවසන් නිරුපද්‍රිතයා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Sci-Fi - විද්‍යා ප්‍රබන්ධ
- - සිංහල විද්‍යා ප්‍රබන්ධ
- - Susitha Ruwan - සුසිත රුවන්
- - Award Winning and Nominated Books - සම්මානිත සහ නිර්දේශිත පොත්
- - Rajatha Pusthaka Award - රජත පුස්තක සම්මානය
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553126542
- Availability: Available
-
Rs. 700.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
E Ohu Nowe - ඒ ඔහු නොවේ
පාඨක ජනාදරයට පත් "රාවණා මෙහෙයුම"කර්තෘ සුසිත රුවන්ගේ දෙවන නවකතාවයි.විවිධාකාර සාහිත්‍යය ආකෘති තුළ සි..
Rs. 350.00
Rawana Meheyuma 2 - රවණා මෙහෙයුම 2
කතුවරයාගේ පළමු නවකතාව වූ ත්, අතිශයින් පාඨක ප‍්‍රසාදයට ලක් වූ ත්, බුද්ධියට ආමන්ත‍්‍රණය කරන ත‍්‍රාසජනක..
Rs. 1,050.00
Marayanaya - මාරායණය
පුද්ගල අත්දැකීම් විනිවිද දකින ජීවිතාවබෝධය හා සමාජ අවබෝධය මතු කරන අද්‍යතන සමාජ පැතිකඩක් විවරණය කෙරෙන ..
Rs. 950.00
Ravana Amaraneeyayi - රාවණ අමරණීයයි
රාවණා රජතුමා යුද ශිල්පයෙහි ප්‍රමුඛයෙකි. එතුමා යුදයට අවශ්‍ය ආයුධ සෑම අතින්ම සන්නද්ධ කොට ගෙන සිටියෙකි...
Rs. 350.00
Yaksha Gothrikayange Aprakata Thorathuru - යක්ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු
යක්ෂ ගෝත්‍රය විනාශ වුව ද ඔවුන් අනාගත දේශවාසීන්ට උරුම කළ දේ අතිමහත්ය. ' රක්ඛ විදාසනා නම් වාරි ක්‍රමය ..
Rs. 490.00
Yaksha Gothrika Bhashawa Saha Ravi Shailasha Wansha Kathawa - යක්ෂ ගෝත්‍රික භාෂාව සහ රවි ශෛලාශ වංශ කතාව
හේනු ,කයිර ,මන්ටක ,පදියන යනු යක්ෂ ගෝත්‍රිකයන්ගේ පාලන ප්‍රද්දේශ වශයෙන් හදුන්වයි....
Rs. 650.00
Padma Pali - පද්ම පාලි
තම පරපුර වෙනුවෙන් සටන් වැදුණු හෙළ යක් පරපුරේ අභීත කාන්තාවගේ කතාව..
Rs. 350.00
Sri Lankawe Rawana Adhirajage Sanskruthika Urumaya - ශ්‍රී ලංකාවේ රාවන අධිරාජයාගේ සංස්කෘතික උරුමය
සීතා දේවියද මහා යුද හරඹයෙන් පසු රාම කුමරුන් හමු වී සිය පතිවත පෙන්වීම පිණිස ගිනි මැලයට පැන ගමන් කළේ ග..
Rs. 390.00
Icarus Punaragamanaya - ඉකරස් පුනරාගමනය
විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල කතා සන්දර්භයේ ඉතා වැදගත් තේමාවක් ගැබ් කර ඇති අයුරින්ම 'Return of the Ica..
Rs. 300.00
X - එක්ස්
ලාංකේය මෙන්ම ලෝක විද්‍යාප්‍රබන්ධ සාහිත්‍ය පෙර නොසිතූ විරූ ඉසව්වකට බෙහෙවින් ම තාත්ත්වික සිදුවීම් ඇසුර..
Rs. 450.00
Sarwanasha - සර්වනාශ
Jeff Vandermeer විසින් රචිත Annihilation ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය Annihilation, Authority, Accept..
Rs. 550.00
Sahasramukha Ravana - සහස්‍රමුඛ රාවණ
අහස අදුරු වී පවති, සැඩ සුලං හමාවි, දරුණු අකුණු අහසින් පොලවට වදීවි, මේඝයන්ගේ මහා ගර්ජනාව කන් බිහි..
Rs. 800.00
Itthipuraye Ravana - ඉත්තිපුරයේ රාවණා
සක්විති රාවණයන් දසිස් යනුවෙන් හැදින්වුවේ හිස් දහසක් තිබු නිසා නොව කිරුළු දහයකට හිමිකම කියූ නිසාය ඔහු..
Rs. 450.00
Sherlock Holmes Nagenahira Sulanga - East Wind - ෂර්ලොක් හෝම්ස් නැගෙනහිර සුළඟ
ෂර්ලොක් ද අවසානයේ පිටතට පැමිණියේ උන්මත්තකයෙකු සේ වියරුවෙනි."මේක නං එච්චර හොඳ දෙයක් නෙමේ" ෂර්ලොක්&nbs..
Rs. 700.00
Vikrutha Angara - විකෘත අංගාර
Altered Carbon - novel by Richard Morgann ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 1,200.00