මේනකා සාමාන්‍යයෙන් අවදිවන්නේ අනෙක් අයට වඩා පාන්දරින්. කුඩා දරුවෙකු කිරි ඉල්ලා හඬන හඬ තමයි ඇගේ එලාම් එක. ඇයට ඒක ඇහෙන්නේ කණ් බෙරය ඇතුලෙන්. ගැස්සිලා ඇහැ ඇරුණේ නැතත් ඒ සද්දේට මේනකා ඇහැරෙන්නේ කැමැත්තෙන්. පාන්දරම ඉස්තෝපුවේ දොර ඇරගෙන ආලින්දය කොටසට එන මේනකා තරමක් වැල් දිරා ගිය දික්සඟලාවේ දිගෑදෙනවා. ඊට පස්සේ සුදු මහත්තයා කකුල් දෙක ගාව වැතිරෙනවා. එතැන් ඉඳන් ඇය මුමුණන්න ගන්නවා.
″කිරි කිරි බෝලේ
රැළි රැළි මාලේ
මේ ළමයා කොහෙන්දෝ
රෝස කැලෙන් ඇහින්ඳෝ
රෝස කැලෙට කොයින් දෝ
කපුටෝ ගෙනත් දැම්මෝ ...″
මේ නැළවිලි ගීතය කීප වතාවක් එක දිගම මුමුණන ගමන් සුදු මහත්තයාගේ හිස දකුණු කකුලෙන් පිරිමදිනවා. මේනකා ඇස් දෙක පියාගෙන හීනයක් දකිනවා. ඒ හීනයේ ඉන්නේ තරුණ ගෑනු කෙනෙක්. කුඩා දරුවෙකුගේ කළල රූපයක් අරන් අර ගෑනු කෙනා අඬ අඬා වීදියක් දිගේ දුවනවා. මේ ඉන්නේ කිසාගෝතමී. වෙලාව මහ පාන්දර. වීදියේ කවුරුවත් නෑ. මීදුම් ගතියක් වීදිය දිගේ ගලනවා දූවිල්ලක් වගේ. වීදි පහන් වල ආලෝක කදම්බයන් විදියට පොළොවට සම්බන්ධ වෙලා. ඒවා අතරින් ඇත්තටම මේ දුවන්නේ තමන් කියලා මේනකාට හිතෙනවා.
Aparade E November - අපරාදේ ඒ නොවැම්බර්
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Kapila M Gamage - කපිල එම් ගමගේ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Rajatha Pusthaka Award Nominated Books 2020 - 2020 රජත පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789556778700
- Availability: Out Of Print
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Theriyum Kokila - තෙරියුම් කෝකිලා
යුද්ධයේ අමානුෂිකත්වය, ම්ලේච්ඡත්වය හා එයින් අත්විඳින ඛේදවාචකය ප්රස්තුත කර ගනිමින් ඒ මානව විනාශයෙන් අ..
Rs. 200.00
Muhudata Muhuna La Sohonaki - මුහුදට මුහුණ ලෑ සොහොනකි
මුහුදට මුහුණ ලෑ සොහොනකි. ----------------------------------------------- පැඟිරි මානා පත් සෙමෙන් පිරි..
Rs. 275.00
Asathu Gaha Yata Pahara Ke Premaya – ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය
ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය-----------------------------ගිනි තිබ්බ පොළොව මත පුදුම සිසිලක් ඇසතු ගස යටකා..
Rs. 300.00
Suwandakuru - සුවඳකූරු
මා මුහුණ සෝදාගෙන එන විට උඩහ පාරේ ලෑන්ඩ් මාස්ටරයේ ශබ්දය ඇසුණේය.මොහොතකින් අප්පච්චි බයිසිකලය පැද ගෙන වං..
Rs. 250.00
Peden Badi Vidum - පෙදෙන් බැඳි විඳුම්
සන්නිවේදන තාක්ෂණයේ සිදු වූ විප්ලවීය පොලා පැනීමෙන් අනතුරුව ඒකභාවී ව තමන්ගේ මතය, අදහස, හැඟීම පොදු අවකා..
Rs. 900.00
Anduru Eli Koridowa Ithin Apa Munagasena - අඳුරු එළි කොරිඩෝව ඉතින් අප මුණ ගැසෙන
ඔව් ඒක මායාකාරී ප්‍රේමයක්___________________________වවුලන් නවාතැන් ගත්තසිත් බෝඩිං කාමරයකදොර කවුළු බල..
Rs. 650.00