විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්‍යෝදය සම්මානය
කලල පුතේ......
උඹ වෙනුවෙන් ළැම එරෙනා කඳුළු කැට
පෑගෙන්නට හෙම නොම දමා මිනිසුන්ට
පූදින්නට ඉසිනෙමි මල් ගස් මුලට
කාත් කවුරුවත් නැති කාලෙකදි මට
ඇවිත් නුඹ ගෙනත් දුනි අපමණ සතුට
ඒත් මයෙ පුතේ සිදුවෙයි කියන්නට
තාත්තෙකුත් ඕනෑමලු කාලෙකට
සෙනේ විදි නමුත් කුස තුළ උණුසුමට
දිනේ අදයි වෙන්වී යන්නට අපට
දැනේ වෙනස උඹ ගැහෙනා හැටි බයට
අනේ කඳුළු එනවද නොවැඩුන ඇසට
උඹ වෙනුවෙන් ළැම එරෙනා කඳුළු කැට
පෑගෙන්නට හෙම නොම දමා මිනිසුන්ට
පූදින්නට ඉසිනෙමි මල් ගස් මුලට
Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා
- Publisher: Santhawa Publishers - සන්තව ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Mahinda Prasad Masimbula - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
- - Vidyodaya Literary Awards - විද්‍යෝදය සාහිත්‍ය සම්මාන
- ISBN: 9789550980031
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45