පිටිසර ගමක , හද්ද පිටිසරයින් මෙන් ජීවත් වූ ටිකෝනිස් හා යකොනිස් සා මුවන් සේ වූ අහිංසකයෝය. මැයිහාමි ඔවුන්ගේ අම්මාය. ඇගේ එකම අදිටන වූයේ කල වයස පිරුණු ඉලන්දාරින් දෙදෙනාට එකම ගැහැනියක ගෙනත් දීමය....
............................................
මං උඹට කොටින්ම කියන්නම්කො.
ගෑනි උඹල දෙන්නටමයි. දැන් උඹට තේරුණාද? එකි උඹල දෙන්නට ම බලා කියා ගනීවී. ඒක එහෙම තමයි. ඒකෙ වෙනසක් නෑ. ඒ නැතිව මේ ගෙදර බත් හැලි දෙකක් ලිප තියන්න පුළුවන් ද? ''
" කොහොම ද ඒක කොරන්නේ. හරියැයි එහෙම?'' " මොකද නහරි ? ''
" මගෙ නංගි වෙනව නොවැ. මල්ලිගෙ ගෑනු එක්කෙනා නොවැ. මං කොහොම ද ඉති............
" උඹ දන්න උලව්ව ! උඹ එහෙනම් මල්ලිගෙ අමුඩ සරොම අඳින්නෙ? මල්ලි එහෙනම් උඹේ අමුඩ, සරොම් අඳින්නෙ? මෙ තැන උඹගෙය කියල අමුතුවෙන් දේකුත් නෑ. මල්ලිගෙ ය කියල අමුතුවෙන් දේකුත් නෑ තියෙන දෙයක් උඹල දෙන්නගෙම යි. උඹ නොදන්නවට එහෙම සිරිත් ඔය ඕනැ තරම් තියෙන්නෙ. ඔය හැම එකක් ගැන උඹට මට ඇඟිල්ලෙන් ඇනල කියා දෙන්න බෑ. වැස්සට ඉහළන්න ගෙදර තියෙන්නෙ එක කුඩය යි. ඒ කුඩේ ගෙනාවෙ මල්ලි, කුඩේ ගෙනාවේ මල්ලිය කියල උඹට ඕනෑ වුණාම උඹ ඒක ඉහළන්නෙ නැද්ද? උඹ ඒක ඉහළන කොට මල්ලි ඒක උදුරන්න එනවද? කුඩේ මල්ලි අතට ගත්තාම උඹට තියෙන්නෙ ඉවසන්නයි. උඹ අතට ගත්තාම මල්ලිට තියෙන්නෙත් ඉවසන්න යි. ආන් එහෙමයි ඒකෙ හැටි. අනික කුඩ කියන එව්වා හැම තිස්සෙම මාරුවෙන් මාරුවට ඉහළ ඉහළ ඉන්න එකක් යැ යි? වහින කොට තමයි කුඩ ඕනැ............
Baddegedara - බැද්දෙගෙදර
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Jayasena Jayakodi - ජයසේන ජයකොඩි
- ISBN: 9789553042156
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Gothama Geethaya - ගෝතම ගීතය
‘ස්වාමීනි, තුන් කල්ම දන්නා ඔබවහන්සේ වෙත රැඳීම ප්‍රඥාගෝචර වන්නේ ය. මට කිසිදු බියක් සැකයක් නොමැති ව ඔබ..
Rs. 850.00
Pichchamala - පිච්චමල
ජයසේන ජයකොඩි - පිච්ච මල නවකතා මාලාව 1.පිච්ච මල 2.අරලිය මල් ආරාමය 3.මහමෙර 4.උපේකා 5.පින්කෙත..
Rs. 600.00
Upeka - උපේකා
ජයසේන ජයකොඩි - පිච්ච මල නවකතා මාලාව 1.පිච්ච මල 2.අරලිය මල් ආරාමය 3.මහමෙර 4.උපේකා 5.පින්කෙත..
Rs. 700.00
Sudu Neluma - සුදු නෙළුම
ජයසේන ජයකොඩි - පිච්ච මල නවකතා මාලාව 1.පිච්ච මල 2.අරලිය මල් ආරාමය 3.මහමෙර 4.උපේකා 5.පින්කෙත..
Rs. 750.00
Ama Wessa - අමා වැස්ස
"ප්‍රභූවරය, ඔබ පිරුවටක් මෙන් පවිත්‍ර යයි හෝ අලුත පිපි සෙව්වන්දියක් මෙන් නැවුම් යයි හෝ සිතන්නෝ ද? ඔ..
Rs. 750.00
Sil Suwada - සිල් සුවඳ
ජයසේන ජයකොඩි - පිච්ච මල නවකතා මාලාව 1.පිච්ච මල 2.අරලිය මල් ආරාමය 3.මහමෙර 4.උපේකා 5.පින්කෙත..
Rs. 900.00
Mahamera - මහමෙර
“ඒකත් එහෙම නම් තේ කෝප්පයක්වත් වත්කරන්න වේවි...”“ඒ මිනිහට යන්න කියන්න හාමුදුරුවනේ. ලොකු වින්නැහියකට ඔ..
Rs. 550.00