ඔබේ ජීව විද්‍යා පොත
මා ළඟ
දනිමි අද
මම.
සමුගෙන එද්දී එදා
පාසලේ
දෙන්නට තිබුණේ මොනවා ද
මා අත ඔබ වෙතට
මේ ඇඟිලි තුඩු සීතල විතර ද.....?
එදා පාසලේ බංකුව මත
දමා ගියේ ඔබ
ඔබේ ජීව විද්‍යා පොත
සැමරුමක් ලෙස ද.....?
ගෙන ගොස් ගෙදර
බැලුවෙමි දිගහැර......
දවසක් විද්‍යාගාරයේදී
නොයෙක් මල් කපා
වෙන්කර
කලංකය කීලය සොයද්දී
ඔබ සඟවා තබාගත්
එකම මල
මා දුන්න තිළිණය
තැළී වියළී
තවමත් තිබුණි
පොත තුළ.....
දමා ගියේ
ඇයි ද ඔබ පොත
දනිමි අද
Bim Geyata Sanda Awith - බිම් ගෙයට සඳ ඇවිත්
- Publisher: Santhawa Publishers - සන්තව ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Nadun Yasitha Dasanayaka - නඳුන් යසිත දසනායක
- ISBN: 9789553028044
- Availability: Out Of Stock
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Vil Nethaka Mal Mathaka - විල් නෙතක මල් මතක
2017 රජත පුස්තක සම්මානය(කාව්‍ය) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි...
Rs. 200.00
Siyum Aththatu Nada - සියුම් අත්තටු නාද
පතින් පත ගිලිහෙයි මාරුතේ නෙතින් නෙත හමුවී මග හැරී ඉතින් ඔබ යන විට තටු ලැබී සිතින් මම සිහිනෙකට පිව..
Rs. 200.00
Sulangehi Ma Sulangakwa - සුළඟෙහි ම සුළඟක්ව
මා තුළ ගසකි අලුත් ගසක් වැඩෙයි මා තුළ අලුත් පොළොවකි අලුත් පසකි මට දැනෙයි එහි තෙතෙහි මුල් අදින..
Rs. 350.00
Mage Alaye Gramaphone - මගේ ආලයෙ ග්‍රැමෆෝන්
''අලංකාරික දුන්න කටුගෙඩ්‍ර එල්ලුව ඉතිහාසෙ කොතන හරි වැටුණු -ඒ මරුදුන්න මල් -කමින් කැටය..
Rs. 350.00