දිවයිනේ
වැදි ජනතාව පිළිබඳ පතපොත ලිවීමේ පුරෝගාමී වූ ෙදාස්තර ආර්. එල්. ස්පිට්ල්
‘මැකී ගිය දඩ මං’ (Vanished Trails) කෘතිය අවසන් වූ තැනින් ආරම්භ කොට
ලියැවුණ මේ කෘතිය ඊට එක් කළ නවතම පුරුකක් සේ හැඳින්විය හැකිය. පියසේන
කහඳගමගේ 1968 සිට 1983 දක්වා අවුරුදු 15ක් ම වැදි ජනාවාස සහිත ප‍්‍රදේශවල
ගුරු සේවයේ සිටියදී ලද අත්දැකීම් මීට ඇතුළත්ය.
වැද්දන් ගමෙක පදිංචි වී
වසර 40 ක සමාජ සංවර්ධනයේ කතාන්දරය ගවේෂණශීලී ලිපි පෙළක් සේ ‘බින්තැන්නේ
විත්ති’ කෘතියෙන් ඉදිරිපත් වෙයි. එමෙන් ම වැද්දන්ගේ යාදිනි, මන්තර, කවි හා
වැදි ගී මෙහි සටහන් කොට ඇත්තේ කතුවරයා ඇසූ පරිද්දෙනි. අක්ෂර වින්‍යාසය පවා
මේ ජනකායගේ උච්චාරණයට අනුකූලව යෙදීමට වෑයම් කර ඇත.
Binthanne Withthi - බින්තැන්නේ විත්ති
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Piyasena Kahadagamage - පියසේන කහඳගමගේ
- - History - ඓතිහාසික
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789555732671
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30