• Biya Nowan Ayyandi - බිය නොවන් අයියන්ඩි
ඔහුගෙ නම රස්කෝල්නිකොවු වන්නට පුළුවන්ය
ඈ ඔහුගෙ පෙම්වතිය වූ නමුත්
සෝනියා නොවුණාය.

යා නොහැකි බව කියා ඇඹරෙමින්
දහක් රියසක සෙමෙන් ඉකිබිඳින හඬ ඇසිණ.
මැදිරියේ කවුළුවල
පේළියට මුහුණු අලවා තිබිණ.

ඈත සිර කඳවුරට පිටුවහල් කරන ලද
ඒ සෑම මුහුණක් ම
කෲර වධ වේදනා වල ම ප්‍රතිබිම්බ විය.

එක වරම කළු ධූලි පටල නැඟ
කවුළුවෙන් දුක්මුසුව එබීගත් මුහුණ ගෙන
ගොර බිරම් යක්ෂයා
ගුගුරමින් දුවන්නට ඉගිල්ලිණ.
රතැඟිලි හි
රත් පැහැව නිය දිලිහි
අතක් වේදිකාවේ සිට වැනෙන බව පෙණින.
නිදහසේ වනන්නට ඔහුට දෑතක් නොවිය.

දොරටුවට පොරකමින් ඇදී යන
මහ පිරිස් කටහඬට,
යුවතියක "චිරි බිරිස්" පාවහන් හඬ මුසුව
මැකී යනවා ඇසිණ.
ඇගේ උස් සිනා හඬ
හඳුන ගන්නට හැකිය යන්තමට.

වේදිකාවේ පසෙක බිමවැටී
නොපෑගී කිසිවකුට
කුමක්දෝ තිබෙන බව
පහන් කණුවට පෙණින.

නැඹුරු වී ඒ දෙසට
නිශ්චලව,
බොහෝ වේලා දුකින් බලා සිටි පහන් රුක
"කඳුළු බිංදුවක්" යයි පහත් ස්වරයෙන් කීය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Biya Nowan Ayyandi - බිය නොවන් අයියන්ඩි

  • Rs. 150.00

  • KBOOKS Cashback Rewards: 15

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Suba Udasana - සුබ උදෑසන

Suba Udasana - සුබ උදෑසන

විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය 1988 - රාජ්‍ය සාහිත්‍ය සම්මානයඅපි අපේ පැටවුන්ට කියා දෙමු පියාඹන්ට ස්වාධී..

Rs. 400.00

Wassane - වස්සානේ

Wassane - වස්සානේ

වස්සානය ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්ට නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද කෙකටියා පඳුර සුදු මල..

Rs. 150.00

Netha Nilupul - නෙත නිලුපුල්

Netha Nilupul - නෙත නිලුපුල්

 තනමල්විල මල් ගෝමර පොකුරු පිපෙන්නහඳපානා ගල මුදුණින් වැවට බසින්නකන්ද උඩින් ගෝමරියේ වැවට බසින්නවැ..

Rs. 250.00

Sudu Neluma - සුදු නෙළුම

Sudu Neluma - සුදු නෙළුම

මට ගමට එන්න ගමට එන්න (මට ගමට එන්න)කුරුළු පිහාටුවක් එවන්න (කුරුළු පිහාටුවක් එවන්න)පොඩි මල්ලි අතේ අනේ ..

Rs. 500.00

Tharu Lakuna - තරු ලකුණ

Tharu Lakuna - තරු ලකුණ

සමනොල ගල වනන්තරේ මල් යහන සකි සඳ නුඹ ඒ යහනට සඳ පහන සිඹ සනහා එහි නිදනා කිරි සිහින කිරි මවුදෝ නුඹ සු..

Rs. 250.00

Sandhya Theerthaya - සන්ධ්‍යා තීර්ථය

Sandhya Theerthaya - සන්ධ්‍යා තීර්ථය

උදම් වෙයි මහ මුහුද වැතිර ඉන්නී වෙරළ කොට්ටම්බ අතුපතර කණමැදිරි කෙළිමඩල නොතකාම වට අවට ඝණ අඳුර කැලි ..

Rs. 450.00

Sandagira Pamula -  සඳගිර පාමුල

Sandagira Pamula - සඳගිර පාමුල

සදත් ඇතුන් පසුපස හා ඇතිනි...........මෙන ඇවිත් ඇහැ ලඟට රෑ හීනෙන් .......පෙනෙන නොදත් නමුදු මා සිත විතර..

Rs. 200.00

Wassanen Pasuwa - වස්සානෙන් පසුව

Wassanen Pasuwa - වස්සානෙන් පසුව

2018 රජත පුස්තක සම්මානය(කාව්‍ය) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි...

Rs. 450.00

Liyawala - ලියවැල
Mini Badi Dora - මිණි බැඳි දොර

Mini Badi Dora - මිණි බැඳි දොර

"කවියාගේ මෑත කාලීන ගේය පද එකතු ඒ පිලිබද හදාරන සහ රසාස්වාදයක් ලබන සියලු රසික ප්‍රජාවට මනා වූ අගනා කෘත..

Rs. 275.00

Aalakamandawa - ආලකමන්දාව

Aalakamandawa - ආලකමන්දාව

පුහුණු කල රසිකත්වය උදෙසා රත්න ශ්‍රී විජේසිංහ ලියු,අමරදේවයන් පටන් රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ,එච්.එම් ...

Rs. 300.00

Suwanda Muwarada - සුවඳ මුවරද

Suwanda Muwarada - සුවඳ මුවරද

සසර ගොරතර අරණ ක්ලේශ ගිනි අවුළුවන ඇද හැලෙන මුරගසං වර්ෂා පුපුරු ගසනා කාම තණ්හා රෂෝමාන දොරටුවෙහි පැරණි ..

Rs. 250.00

Geththampana - ගෙත්තම්පාණ

Geththampana - ගෙත්තම්පාණ

අවමගුල් තොරණ.සොහොන ළඟ තොරණහරි ලස්සනට ඇන්දාටඑන අයට තමයි ඒනොවෙයි මළ උන්දෑටසුදු තමයි ගැලපෙනා පාටදුක්මුස..

Rs. 450.00