මිහිරිම පල මඟහැර
ඒ ඔබට නෙළන්නට ඉඩහැර
ඇඹුල - නීරස මිටියාවතක
තුරක - අත්තක ඇති යමක් පිරික්සමි
ගඟද - සාරවත් ඊතණ පඳුරද ඔබට දී
මිරිඟුවද - සාංකාවද ඉල්ලාගනිමි
ආදරය උගන්වන අනුවණකම් වගා කර
මිහිරි පැළ තවාන් රැක බලා ගමි
නිශ්චිතම මොහොතක
ඔබට මා කවුරුදැයි මතක නැති බව
සැක හැර දැනගතිමි
කිසිම දවසක
කාගේවත්ම
කවුරුවත්ම නොවුණ බව
හැඟෙව්වාට
ආදරයෙන් නතර වීම මෙතරම් අසීරු කළාට
තුති !
Boomarangaya Obe As Deka - බූමරංගය ඔබේ ඇස් දෙක
- Publisher: Sayura Publishers - සයුර ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Kanchana Amilani - කාංචනා අමිලානි
- ISBN: 9789551112223
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25