ක්ලාරාටයි මටයි මාමා කෙනෙක් ඉන්නවා .ඔහුගේ නම ටෝනි.
ටෝනි මාමා හරිම කඩවසම් .ක්ලාරා යි මමයි ටෝනි මාමාට හුඟාක් කැමතියි .ක්ලාරා කියනවා ,මම නෙවෙයි,එයාලු ටෝනි මාමාට වැඩිපුර ආදරේ .
ක්ලාරා එයාගේ අත් දෙක දෙපසට විහිදුවා කියනවා මේ..... මේ තරම් ආදරේයි
කියලා .මම මගේ අත් දෙක දෙපසට විහිදුවා පෙන්නුවා .මම ත් ටෝනි මාමාට මොන තරම්
ආදරේද කියලා. ඒ වුනාට මම පුංචි නිසා මගේ අත්දෙක ක්ලාරාගේ අත් දෙක තරමට දිග
නෑ .බැලූ බැල්මට පෙනෙන්නේ ක්ලාරා මට වඩා ටෝනි මාමාට ආදරේ වගෙයි.
මට ඒ ගැන නම් හරිම කේන්තියි.කවදා
හරි මගේ අත්දෙක ඇගේ අත් දෙකටත් වඩා දික් වුනු දවසට එයාටත් කේන්ති යන හැටි
බලාගන්න තිබුණා .හැබැයි ක්ලාරා නම් ටෝනි මාමාට ආදරේ එයාගෙන් සල්ලි ලැබෙන
නිසා .
Mamai Mage Akka Clarayi - මමයි මගේ අක්කා ක්ලාරායි
- Publisher: Sama Publishers - සම ප්රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - පරිවර්තන ළමා කෘති
- - Devika Wadigamangawa - දේවිකා වඩිගමංගාව
- ISBN: 9789554274365
- Availability: Out Of Stock
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55