''මම ගියා ගනේමුල්ල පොලීසියට.එතෙන්ට ගියාම පොලීසියට කිට්ටු වෙන්නවත් දුන්නේ නෑ.මෙතන ලොකු කලබලයක්.ඒ නිසා පොලීසියට කාවවත් යවන්න බෑ කියලා කිව්වා.පසුව කිරිල්ලවල කෑම්ප් එකට ගියා.එතනින් කිව්වා ගම්පහ නගරසභා පිටිය ළඟ තියෙන කෑම්ප් එකත් බලන්න කියලා.එතෙන්ටත් ගියා.එතනත් දැනගන්න මුකුත් නෑ.ඒ වෙනකොට වවුල්කැලේ ටයර් සෑයක මිනී වගයක් පිච්චෙනවා කියන හායිහූව පැතිර යනවා.මම ගෙදර ගියේ ඊළඟට එහෙ යන්න බලාගෙන.ගෙදර ගියාම දුවලා මට කිව්වා,''අම්මේ මල්ලිව පුච්චල ඉන්නවා වවුල්කැලේ.අපි බලන්න ගියා.''කියලා.
''මම වවුල් කැලේ ගියේ මිනී ගොඩගන්න දවසෙයි.එතන මිනී නවයක විතර කෑලි තිබුණා.මගේ පුතාගේ දේහය මට හඳුනගන්න ලැබුණේ නෑ.ඉන්පසු මේ වනතෙක් මට පුතා දකින්න ලැබුණේ නෑ.''
Wawul Kale Thinduwa - වවුල් කැලේ තීන්දුව
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Miscellaneous - විවිධ
- - Crime - අපරාධ
- - Wadakada Nawarathna - වදාකඩ නවරත්න
- ISBN: 9789556721812
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40