චිත්‍ර කලාව සහ විචාරය,චිත්‍ර කලා සියපත, චිත්‍ර කලා සෙව්වන්දිය යන සන්ධිස්තානීය කෘති ත්‍රිත්වයට එකතු වන තවත් අනඟි චිත්‍ර කලා විචාර කෘතියකි,ලාංකේය දෘශ්‍ය කලා රසාස්වාදනයේ ආචීර්ණ කල්පික හා ගතානුගතික මතිමතාන්තර මේ නව කලා කතිකාවෙන් අතික්‍රමණය කෙරේ.ශ්‍රී ලාංකේය කලා රසිකයා, කලා ශිෂ්‍යයා හා ආචාර්යවරයා, සමාජ චින්තකයා යනාදීන් නැවතත් චිත්‍ර කලාව පිලිබඳ ලෝක කතිකාව ඉදිරියට කැඳවන මේ පුරෝගාමී කෘතිය නුතනවාදී කලාවේ සිට සමකාලීන කලාව දක්වා සිදු වූ දැවැන්ත අභිවර්ධනයන් මැනවින් සලකුණු කරයි.චිත්‍ර කලා විචාර න්‍යාය පැහැදිලි කිරීම අතින් සහ මේ යුගයේ කලා කතිකාවට පැහැර හරිය නොහැකි ඥාන සම්භාරයක් එකතු කිරීම අතින් මෙය පෙරටුගාමී විවේචක ප්‍රයත්නයකි.නුතන චිත්‍ර හා පශ්චාත් නුතන චිත්‍ර රසාස්වාදනය මෙන්ම විචාරය සම්බන්ධයෙන් ද මෙයින් නොමඳ එළියක් විහිදෙනු ඇත.
Dakina Hati - දකින හැටි
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Eric Illayaparachchi - එරික් ඉලයප්ආරච්චි
- ISBN: 9789553059734
- Availability: Available
-
Rs. 475.00
- KBOOKS Cashback Rewards: 48