චිංගීස් අයිත්මාතොව් ගේ THE PLACE OF THE SKULL කෘතිය
මෙම කෘතියෙහි අපට හමුවන තවත් වැදගත් චරිතයක් වනුයේ දෙවියන් වහන්සේගේ වචනය හා පල්ලිය ප්‍රශ්න කිරීම නිසා පල්ලියෙන් නෙරපා හරිනු ලබන පූජකවරයාගේ චරිතය. පූජකවරයා දෙවියන් වහන්සේගේ වචනය නිර්වචනය කරනවා. ඔහුගේ එම නිර්වචනය අධිකාරි පැලැන්තිය නියෝජනය කරන පල්ලියේ නිර්වචනයෙන් වෙනස් වීම හේතුකොටගෙන ඔහුව පල්ලියෙන් නෙරපා හැරීම ඉතා අත්තනෝමතික ලෙස සිදු වෙනවා. තවත් පැත්තකින් නිලධාරිවාදයට හසුව පීඩාවට පත් වෙච්ච විමුක්‌තිකාමී සත්ව පාලකයකුගෙ පවුලක් හමුවෙනවා. මේ චරිත කිහිපයම මේ කතාව තුළ ගමන් කරන්නෙ විනාශය කරා මිස දියුණුව කරා නොවෙයි. එක් පැත්තකින් මෙහි වෘක පවුලක්‌ද සිටිනවා. පරිසරයේ තුලිතතාව බිඳ වැටීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු මිනිසා සමග සටන් වැද අවසානයේ නැතිවෙලා යනවා. සැලසුම් සහගත නොවන නිලධාරිවාදයක් මගින් සිදු කරන මේ ඊනියා සංවර්ධනය හේතුකොටගෙන මිනිසාත් සත්වයාත් කිසිදු වෙනසක් නොමැතිව සියලු සමාජ සංස්‌ථා ඇතුළෙ විනාශ වී යන බව අයිත්මාතව් මේ කෘතියෙ ප්‍රධාන තේමාව වශයෙන් යොදා ගනිමින් අපට පෙන්වා දෙනවා. දේශපාලන ක්‍රමයක් හැටියට මාක්‌ස්‌වාදය අව භාවිත කිරීම හරහා මිනිසුන් අත්කර ගන්නා ඛේදවාචකය ඔහු ඉතා අපූරුවට ගළපනවා
Dangediya - දංගෙඩිය
- Publisher: Subavi Publishers - සුභාවී ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Chingiz Aitmatov - චිංගීස් අයිත්මාතව්
- - Russian Translations - රුසියානු පරිවර්තන
- ISBN: 9789551558598
- Availability: Available
-
Rs. 1,750.00
- KBOOKS Cashback Rewards: 65