ආලිංගනය පිළිබද මට තිබුණේ ෆැන්ටසිමය සිහිනයකි. එය මේ ලෝකයේ ඇති සොඳුරුම අවස්ථාව යැයි මම විශ්වාස කළෙමි. විශ්වීය රිද්මයේ උණුසුම්ම මොහොත ඒ යයි සිතා සිටියෙමි. මනුෂ්යාගේ අඛණ්ඩ පැවැත්ම තීරණය කරන ඒ ක්රියාවලිය පුදුම සහගත දෙයක්යැයි සිතා උන්නෙමි. එවැනි අදහස් බොහෝ විට මා තුළ පැන නැඟුණේ මා කියවූ බොහෝ පොත්වල එවැනි ආස්වාදජනක සිදුවීම් නැවත නැවත ආවර්ජනය කිරීමෙන් ඒ ෆැන්ටසිමය සිහිනවල මා කිමිදී සිටි බැවිනි. එහෙත් ඒ පළමු එක්වීම තබා දෙවන තෙවන එක්වීම් එකක්වත් මා සිතු තරම් ආස්වාදජනක වුයේ නැත. මොනම සිතුවිල්ලක්වත් නැතුව ප්රතික්රියාවක් නැතුව කළ යුත්තේ කුමක්දැයි අනවබෝධයෙන් අවදි වී උඩ බලා සිටීම පමණක්ම සිදු විය .
ඒ රිදීම් සහගත වේදනාව අබියස වරින්වර මා මනසට ෆැන්ටසිමය සිහින කඩා වැදුණේ ය. සිහින දෙස බලාගෙන හිතන්න යමක් අවකාශයක් නොමැති වූයේ ඒ වෙහෙසකර චලනයන් අතර ද මා අප්රමාණව වේදනාවට පත් වූ බව මගේම සිරුර මට සිහිපත් කරන විටය.