• Kadadahi Gedara - කඩදහි ගෙදර

කතාව ආරම්භ වන්නේ කේම්බ්‍රිජ් සරසවියේ මහාචාර්‍යවරියක් වන බ්ලුමාගේ මරණයෙනි. ඇය එමිලි ඩිකින්සන් ඇමරිකානු කිවිදියගේ කෘතියක් කියවමින් පාර මාරුවනවිට මෝටර් රථයක ගැටී මියයයි.මරණයෙන් මාස කිහිපයකට පසු ඇගේ නමට උර්ගුවේ රටින් පොතක් ලැබෙයි. එහි පෙනුම අමුතුය, අපිරිසිදුය. කතානායකයා බ්ලුමාගෙ හිස්වූ තනතුරට පත් ආචාර්යවරයෙකි. ඔහු බ්ලුමාට පොත එවූ තැනැත්තා සොයා යෑමේ සංචාරය හා පොත එවූ පුද්ගලයාගෙ චරිතය අන්‍යයන් ගේ වදන් ඔස්සේ අප වෙත ඉදිරිපත් කිරීම ඩොමින්ගුවේස් නවකතා ආකෘතියයි
''ඔහුගේ පොත්වලින් ලොකු රාක්ක පිරුණ. ඒවා කාමරවල ගෙබිමෙ ඉදලා සීලිම දක්වා උසයි''
''ඒවා මුළුතැන්ගෙයි විතරක් නෙමෙයි නිදන කාමර නාන කාමරවල පවා ගොඩගැහුණා.''
''කාරෙක යාළුවෙකුට දීලා මිනිහා ගරජයත් පොත්වලින් පිරෙව්වා''
බ්‍රවුවර් නැමති බ්ලුමාගේ ස්නේහවන්තයෙකු වන මෙම ගුප්ත මිනිසා පොත් ලෝලියකු බව අපට වැටහෙන්නට ගනී.බ්‍රවුවර් තම නිවස අතහැර රොචා වෙරළ ආසන්නයේ නව නිවසක් තනයි. එය සම්පූර්ණයෙන්ම පොත්වලින් ගොඩනගන ලද නිවසකි. බිත්තිවලට බිමට වහලට අමුද්‍රව්‍ය සේ යොදාගන්නේ සිමෙන්ති යෙදූ පොත්‍මය. එහෙත් හදිසියේම ඔහුට බ්ලුමාගෙන් ලිපියක් ලැබෙයි. ඇය ඔහුට දුන් පොතක් නැවත ඉල්ලා සිටී. ඔහු ගොඩනැගු කඩදහි මාළිගය තැනින් තැන කණිමින් පොත සොයාගෙන එය ඇයට යවයි. එහෙත් ඇයමියගොසිනි.
''මිනිහා පොත්වලින් ගේ හැදුවා. ඊටත් වඩා පුදුමේ මිනිහා ඒකේ හිල් හදන්ඩ ගැනීමයි.
කොහොම නමුත් අවසානෙ පොත හොයාගන්නකල්ම මිනිහා මුළුගේම පෙනේරයක් කළ''.
''විනාශ කරල දාපු ගේ දිහා බලාගෙන ඉදලා අපට අත වනල යන්න ගියා. නැවත කවදාවත් ආපහු ආවෙ නෑ.''
''ඉතින් ඔහුට කල හැකි එකම දෙය වුයේ සිය සිරගෙය බිද එලියට පැමිණීම සදහා කළු මිටිය ගෙන ජිවිතය පුරා ඔහු රැස් කළ පොත් විනාශ කර දැමීමය''

Kanchana Priyakantha 05/10/2019

පොත් කියන්නේ හරිම භයානක දෙයක් . පොත් නිසා මැරුණු අයත් ඉන්නවා. බ්ලූමා ලෙනන් මැරෙන්නෙත් පොතක් නිසා. ඒ හරියටම 1988 වසන්තයේ දවසක සෝහෝ වීදියේ පොත් සාප්පුවකින් සල්ලිවලට ගත්තු එමිලි ඩිකින්සන්ගේ පරණ කවි පොතක දෙවන කවිය කියවන ගමන් ඉන්නකොට. එයා ඒක කියවන්නේ පාරේ ඇවිදින ගමන්. එයා මැරෙන්නේ කාර් එකක් යටකරගෙන ගිය නිසා.

'' බ්ලූමා සිය ජීවිතය සාහිත්‍යයට කැප කළේ , එම කැපවීම සිය ජීවිතය උදුරා ගනී යයි සිහිනෙකුදු නොසිතමිනි. ''
(පිටුව 8)

කතන්දරේ ඒක නොවෙයි. බ්ලූමාගේ මරණයෙන් මාස කිහිපයකට පස්සේ එයාගේ නමට උරුගුවෙන් පාර්සලයක් එනවා. ඒ පොත ඇයට එවන්නේ ඇයට හිටපු පෙම්වතෙක් වන කාලෝස් බ්‍රවුවර්. ඇගේ හිටපු තවත් පෙම්වතෙක් වන කතා නායකයා යනවා මේ පොත ඇයට එවපු තැනැත්තාව හොයාගෙන.

පොත් කියවන අයගේ ලෝකය සමහර විට පොත් හඳුනන්නේ නැති අයගේ ලෝකයට වඩා ගොඩක් වෙනස්. පොත් කියවීමට ඇබ්බැහි වුණාම සමහර වෙලාවට නොදැනීම යතාර්ථය පෙනී පෙනීම වෙනත් ලෝකවල නොදැනුවත්වම හිරවෙන වෙලාවල් තියෙනවා. හැබැයි සම්බන්ධතා සහ ප්‍රේමය පොත්ගුල්ලෝ ඒ හදාගෙන ඉන්න ලෝක සුනුවිසුණු කරලා ආයෙමත් මේ ලෝකවලට ඇදලා දාන්නේ හිත්පිත් නැති නරුම විදිහකටද මන්දා..

පොත්වලට ඇබ්බැහිවුණු අය කියවන්න ඕනෙම පොතක් තමයි කඩදහි ගෙදර.

''මේ ගෙයි ඔහු ටික කලක් ජීවත් වුණා කියලා මට ආරංචියි. කෙනෙකුට සිතාගන්නවත් බැරි තරමට බදාම වලින් බැඳලා එකට අලවපු කාඩ්බෝඩ් , හාඩ්බෝඩ් කඩදාසි වලින් හදපු ගේ ශක්තිමත්ව තිබුණා . මේ බිත්තිවලට වහලේ බර දරාගන්න අපහසු වුණත් කොන් හතරේ කණු ඒ බර දරාගෙන හිටියා. බර හින්දාම කණු ශක්තිමත්ව තිබුණා . ගේ ඇතුළට අව් වැසි සුළං ආවේ නෑ . බාගදා ඔබ දැකලා ඇති සිමෙන්ති කුට්ටි පුපුරා හැලෙනවා. ගඩොල් පැලිලා යනවා. ඒත් පොත්වල බැම්ම ඊට වඩා ශක්තිමත්..''

(පිටුව 56)

-කාංචනා ප්‍රියකාන්ත -




Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Handanu Pembara Deshaya - හඬනු පෙම්බර දේශය

Handanu Pembara Deshaya - හඬනු පෙම්බර දේශය

හඬනු පෙම්බර දේශය ( Cry, the beloved Country - Alan Paton ) - මාලිනී ගෝවින්නගේ හඬනු පෙම්බර දේශය’ යනු..

Rs. 950.00

Duvili Dedunna - දුවිලි දේදුන්න

Duvili Dedunna - දුවිලි දේදුන්න

මට නොනවතින අතීසාරය වැලදී තිබිණි. ගස් මට උපකාර කරවී යැයි සිතුවද,පේනතෙක් මානයක ගසකුදු නොවිය.අප සිටි කු..

Rs. 600.00

Dupathe Abhirahasa - දූපතේ අභිරහස

Dupathe Abhirahasa - දූපතේ අභිරහස

ඉන්කා රහස් පරීක්ෂක කතා මාලාවට අලුතින්ම එක් වන්නේ 'සෙරෙන්ඩිපිටි මිස්ටරි' නමැති මෙම කතාවයි.වයස අවුරුදු..

Rs. 325.00

Inka - ඉන්කා

Inka - ඉන්කා

ස්වභාවයෙන්ම සතුන්ට ආදරේ කරන දරුවන් ආර්.එෆ්. ක්‍රිස්ටි විසින් රචිත මෙම රහස් පරීක්ෂක කතා මාලාව කියවිය ..

Rs. 275.00