බුදුන් උපන්නේ ශාක්‍ය වංශයේ ය. සහෝදරයකු හා
සහෝදරියක අතර සිදු වූ විවාහයකින් ශාක්‍ය වංශය ආරම්භ වී යැයි ශාක්‍ය
ජනශ්රැතිය සඳහන් කරයි. මුල් ම බෞද්ධ කතාවන්හි රාම සහ සීතා සොයුරු
සොයුරියන් බව සඳහන් ය. ඔවුන් රාජධානියෙන් හා රටින් පිට වී වන වැදුණේ
කුඩම්මාගේ අරියාදු හේතුවෙනි.10 සමහර සිංහල කතාවල ශාක්‍ය කතාවන්හි ඡායාවන්
පෙනේ. කුවේණිගේ දරුවන් වූ ජීවහත්ථ හා දිසාලා සොයුරු සොයුරියන් එක්වීමෙන්
වැද්දන් බිහි වූයේ යයි කතාවක් පවතී. සිංහල ජාතියේ ආරම්භකයන් වශයෙන් කියවෙන
සිංහබාහු සහ සිංහසීවලී ද සොයුරු සොයුරියෝ වෙති.
ජෛනයන්ගේ රාමායණ
කාව්‍යයන් කිහිපයක් ඉතිරි ව පවතී. එක් පිටපතක සඳහන් පරිදි රාවණා යක්ෂයකු
නොව උග්‍ර වෘත රකින තාපසයෙකි. ඔහු සිතේ සීතා කෙරෙහි ඇති වූයේ ආදරයක් මිස
කාමාශාවක් නොවේ. තමා වැන්නකුට සීතා වැනි තරුණියක ඇලුම් නොකරන්නේ මන්දැයි
රාවණට නො වැටහුණි. ඔහු ඒ ගැන තමාගෙන් ම ප්‍රශ්න කරයි. එම කතාවේ හැටියට රාවණ
තවුසා විද මැරීමේ අපරාධය සිදු කරන්නේ රාම නොව ඔහු සොහොයුරු ලක්ෂ්මන් ය.
වාල්මිකීගේ හින්දු රාමායණය තනිකර ම දේව කතාවකි. රාවණා ලංකාධිපති කිරීම
වාල්මිකීගේ ක්‍රියාවකි. ඔහු රාමායණය රචනා කළ පසු තව තවත් හින්දු රාමායණ
ලියවුණි. මේවා ඊට ලියවුන සන්න, ටීකා හා සමාන වේ. ඒ රාමායණ කතා සියල්ලක දී ම
මිනිස් චරිත දෙවිවරුන්ගේ සහ යක්ෂයන්ගේ අවතාර බවට පත්වෙති. ස්ත්‍රිය පිළිබඳ
බ්‍රාහ්මණ දෘෂ්ටිය කතාවට එක් වේ. කෝට්ටේ කාලයේ හින්දු රාමයණ කතාව ලංකාවට
පිවිසුණි.
Demala Bauddha Susana Bhoomiya Saha Sinhala Bauddhayage Anagathaya - දෙමළ බෞද්ධ සුසාන භූමිය සහ සිංහල බෞද්ධගේ අනාගතය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Narada Karunathilaka - නාරද කරුණාතිලක
- - Kolat Senanayaka - කොලට් සේනානායක
- ISBN: 9789553071552
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Panadura Wadaye Jayagrahanaya Mishanarinta Pawadun Olcott Meheyuma - පානදුර වාදයේ ජයග්‍රහණය මිෂනාරීන්ට පාවාදුන් ඕල්කොට් මෙහෙයුම
මෙම ග්‍රන්ථයෙන් ඕල්කොට් පිළිබඳ පරම විඥානාර්ථ ඉගැන්වීම් ප්‍රශ්න කරයි. ඕල්කොට් මූල්‍ය වංචා පිළි..
Rs. 250.00
Demala Wansayata Poorvikawak - දෙමළ වංසයට පූර්විකාවක්
මහාවංසය වැනි වංස කාව්‍යයක් දෙමළ ජනයාට නැත. දෙමළ ඉතිහාසය ලියවුණු පැරණි ග්රන්ථයක් හෝ නැත. වර්ථමාන..
Rs. 150.00
Konkisthados - කොන්කිස්තදෝස්
මිෂනාරීන් විසින් ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ සහ කැනඩාවේ ආදීවාසීන් මරා දමන ලද්දේ ආයුධ මගින් පමණක් නොව..
Rs. 200.00
Allahu Akbar - අල්ලාහු අක්බර්
" අද මක්කම මහමදිකයනට පමණක් ඇතුළු විය හැකි ස්ථානයක් වුව ද පුරාණයේ සිංහල බෞද්ධයෝ මක්කම වන්දනාවේ ගියහ..
Rs. 650.00
Lanka Puwatha - ලංකා පුවත
‘‘සිංහල රටේ බුදු සසුන පිහිටුවීම කාලය පැමිණ ඇතැයි තීරණය කළ සියලූ යක්ෂයෝ මන්ත්රගෙට රැුස්වී සමාගම..
Rs. 150.00
Kula Kramaye Harawum Bima Thaniwalle Raja Purawara - කුල ක්රමයේ හැරවුම් බිම තනිවැල්ලේ රජ පුරවර
එදිරිල්ලේරාළ හෙවත් දුමින්ගෝ කොරයා ඝාතනයෙන් පසු මාදම්පේ රාජධානියේ පාලනය හිමි වූයේ ආණ්ඩුකාරයාගේ සහ ..
Rs. 450.00
Api Nodanna Rap - අපි නොදන්න රැප්
මිහිතලයේ බිහි වූ අතිශයින් ම වැදගත් තරුණ සංස්කෘතිය වශයෙන් ඇතැමුන් සලකන "හිප් හොප්" සංස්කෘතියෙන් "..
Rs. 200.00
Mahadanamuththayi Golayo Roththayi - මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි
පෘතුගීසි පාදිරිස්වරුන් ඇරඹු "එස්කොලා" (Escola) නැමති ආයතනවල සිංහල ලමයින්ට ක්‍රිස්තියානි ආගම සහ ප..
Rs. 125.00