‘"මං එතන හිටගෙන හුඟක් වෙලා බලා හිටිය.ට්‍රක් එකෙ හිටපු මනුස්සයෙක් මං දිහා බල බල සැරින් සැරේ හිනා වුණා. එයා හරිම කරුණාවන්ත පාටයි. අන්තිමට ඒගොල්ල දිහා බලාගෙන ඉඳලා මට එපා වුණා. මං ආපහු ගෙදර යන්න හැරෙන කොටම තමයි, ඒ ගොල්ලන්ට පැණි කොමඩු ගෙඩියත් අතෑරුණේ. ලොකු කොමඩු ගෙඩියක් විසිවෙලා ඇවිත් පාරෙ හැපුනා. හරියටම මං ලඟ. ඒක පිපිරුණා. කොමඩු ගෙඩිය ඇතුලෙ රතුපට මදෙයි, කලුපාට ඇටයි එක්ක ඇතුලෙ හීනි සුදුපාට ලෙල්ල... පැණි බේරෙන කොමඩු ගෙඩියයි, ඒකෙ සුවඳයි දැනුනම මට දැනුණා මං කොච්චර බඩගින්නෙද හිටියෙ කියලා. මං අහක බලාගෙන ගෙදර යන්න හැරුණා. අඩි දෙක තුනක් යනකොට මට ඇහුන කවුද කෑගහනව"
"ඒයි ළමයෝ...ළමයෝ"
"මං හැරුණා. ට්‍රක් එක උඩ ඉඳලා මට හිනාවුණු මනුස්සයා මං දිහාට එනවා. එයා අතේ අර පැලිච්ච කොමඩු ගෙඩිය"
"ආ පුතා මේක ගන්න. ගෙදර අරන් යන්න. මේක ඔයාට..."
"මං වචනයක් වත් කතා කරන්න කලින් එයා කොමඩු ගෙඩිය මගෙ අතේ තියලා ඉක්මනට ට්‍රක් එක දිහාට ගියා. මං කොමඩු ගෙඩිය බදා ගත්තා. ඒක හරිම බරයි. මට උස්සගෙන යන්නත් බැරි තරං. මං ගෙදර ගියාම වාල්යා; මගේ යාළුවටත් අඬගහලා, දෙන්නත් එක්කම ඒ ලොකු කොමඩු ගෙඩිය කෑවා. දෙයියනේ! ඒකෙ රහ! මට ඒක ඕගොල්ලන්ට වචනයෙන් විස්තර කරන්න බැහැ. ඉස්සරවෙලාම අපි ගෙඩිය දෙකට කැපුව. ඊට පස්සෙ කොමඩු කෑල්ල කනකොට පැණි අපේ කන් වලටත් විසි වුණා.පැණි බේරෙන කොමඩු ගෙඩියෙ යුෂ අපේ කම්මුල් දිගේ බේරුණා. අපෙ බඩවලුත්, කොමඩු ගෙඩි දෙකක් වගේ පිම්බිලා ආවා. බඩට ගැහුවොත් බෙරයක් වගෙ සද්දෙ එන්න තිබුණ. අපිට දුක කොමඩු කන්න එක පාන් කෑල්ලක් වත් තිබිච්ච නැති එක ගැන. එහෙම උණා නං එදා අපිට රජ මගුල්. ඔව්..."
Dennisge Daskam - ඩෙනිස්ගේ දස්කම්
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - පරිවර්තන ළමා කෘති
- - Kathyana Amarasinghe - කත්‍යානා අමරසිංහ
- ISBN: 97895565217603
- Availability: Out Of Stock
-
Rs. 1,300.00
- KBOOKS Cashback Rewards: 83
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Poliyana - පොලියානා
"ඔයාට ඉතින් හැම දේටම සතුටු වෙන එකේ වැරැද්දක් පේන්නේත් නෑනෙ..." යි නැන්සි උත්තර දුන්නේ පොලියානා අර ..
Rs. 1,250.00
Chubari - චුබාරි
අශ්ව කරත්තය දුටු විට ඔවුහු පහත් ව් වකගැසුණු හ.නිසොල්මනේ මොහොතක් බලා සිටි ඔවුන්ට කරත්තය සෙලවෙන්නේ න..
Rs. 480.00
Wana Wadule Punchi Gedara - වන වදුලේ පුංචි ගෙදර
ලොව පුරා අතිශයින් ජනාදරයට පත් ‘Little House on the Prairie ’ කෘති මාලාව ලියූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර..
Rs. 990.00
Siv Mansale Punchi Nagaraya - සිව් මංසලේ පුංචි නගරය
"......ගෙදර යයි කියන්නේ ගොඩනැගිල්ලකට හෝ නගරයකට නොවේ. ගෙදර කියන්නේ නංගිලා අක්කලා නිදා සිටියදී ඔව..
Rs. 1,100.00
Alyosha - අල්යෝෂා
ආ…. මේ ඉන්නේ අපේ දුර පැනීමේ සූරයා!මං පැන්නේ නෑ! අර පිපිරිල්ල හින්ද තමයි මං එතෙන්ට විසි වුණේ.අනේ අපටත..
Rs. 400.00
Vilthere Punchi Nagaraya - විල්තෙරේ පුංචි නගරය
පහළොස් වියැති කැරොලයින් පළමු වතාවට කොන්කොඩ් නුවර හැරදා මිල්වොකි නගරයට යන්නේ ගුරුවරියක වීම සදහා උසස් ..
Rs. 1,100.00
Dehadaka Kuda Niwahana - දෙහදක කුඩා නිවහන
"ගෙයක් ලොකු වුවත්, කුඩා වුවත් කමක් නැත. මින් ඉදිරියට ඒ ගෙදර කොතැනක තිබුණත් කමක් නැත. පැරණි කියමන..
Rs. 950.00