සුප්‍රකට ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥයකු වූ ජෙරල්ඩ් මැල්කම් ඩරල් (1925-1995) සිය සුන්දර ළමා වියේ ඉතා රසවත් විනෝදාත්මක සැබෑ අත්දැකීම් ඇතුළත් කොට පොත් තුනක් ලිවීය. දේව උද්‍යානය තුන්වන කෘතියයි. ඩරල් පවුල ග්‍රීසියට අයත් කෝෆු දිවයිනේ වාසයට යනවිට ජෙරල්ඩ්ගේ (ජෙරී) වයස අවුරුදු අටකි. එහි විසූ අවුරුදු පහක කාළය තුල කුඩා ජෙරී ස්වභාව ධර්මයේ සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් වශීකෘත වෙයි. කෝෆු දිවයිනේ සුන්දර ගැමි පරිසරය තුළට නිරායාසයෙන්ම ගිලී, එහි කොටසක් බවට පත් වෙයි. ජෙරී නිවස තුළට ගෙනවුත් ඇති කරන්නේ දිය නයින්, විශාල ගෙම්බන් ගෝනුස්සන් විශාල මුහුදු ලිහිණි ආදී අසාමාන්‍ය "සුරතලුන් ය". මේ නිසා ඔහුද පවුලේ ඇත්තන්ද අතර නිරතුරුව හටගන්නා වියවුල් හා අඬදබර ඉතා හාස්‍යජනකය. තවද කුඩා ජෙරී පරිසරයේ ඇති සෑම දෙයක්ම විද්‍යාත්මකව ගවේෂණය කරමින් විමසා බැලීම නිසා පාඨකයාට දැනුම් සම්භාරයක්ද ලැබේ. ඩරල් සිය ළමා විය පිළිබඳව ලියූ පළමුවන කෘතිය මගේ පවුලයි අනික් සත්තුයි නමින්ද දෙවන කෘතිය කුරුල්ලෝ, සිවුපාවෝ සහ නෑදෑයෝ නමින්ද පළවී ඇත. පසුව ලියන ලද කෘති දෙක, පළමුවන පොතට ඇතුළත් කළ නොහැකි වූ එතරම්ම රසවත් අත්දැකීම් රාශියකින් යුතුය.
Deva Udyanaya - දේව උද්‍යානය
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Rani Senarathna Rajapaksha - රාණි සේනාරත්න රාජපක්ෂ
- - Gerald Durrell - ජෙරල්ඩ් ඩරල්
- ISBN: 97895513871929
- Availability: Out Of Print
-
Rs. 420.00
- KBOOKS Cashback Rewards: 42