එඞ්ගා කේසිගේ කියවීම් අනුව පෘථිවිය වෙනස් වෙනස් ග්‍රහලෝකවලින් පැමිණි ජීවීන්ගේ එකතුවකින් සැදුම් ලද්දකි. ජාතීන් අතර විවිධත්වයට හේතුව එයයි. එනම් තම ග්‍රහලොව යම්කිසි හේතුවකින් විනාශ වෙද්දී ඔවුන් පලාගියේ ජීවීන් හට සුදුසුම පරිසරයක් තිබූ පෘථිවිය වෙතටය. එම නිසාය ජාතීන් අතර මේ සා විවිධත්වයක් ඇති වූයේ. කෝකසොයිඞ්, මොනගොලොයිඞ් හා නීග්‍රොයිඞ් ජාතීන් අතර ද විවිධ වෙනස්කම් ඇත. චීන ජාතිකයන් ජපන් ජාතිකයන්ට බෙහෙවින් ම වෙනස් ය. එසේ ම ලෝකේ කොයි දීපන්කරේක ගියත් සිංහලයා හඳුනාගැනීමට අපට පුළුවන. සිංහලයෙක් චීනයට ගියා කියා හෝ එහි ආහාර පාන ගත්තා හෝ වසර 10 ක් තිස්සේ පදිංචිව සිටියත් ඔහුගේ ස්වභාවයේ වෙනසක් සිදු නොවේ. එසේම අප්‍රිකාවේ වාසය කළා කියා සම මදක් කළු වෙනවා හැර වෙනත් වෙනසක් වෙන්නේ නැත. විවිධ ජාතීන් අතර විශාල වෙනස්කම් මෙන් ම සමානකම් ද ඇත. එසේම ඔවුන්ගේ භාෂාව හා සංස්කෘතිය, ආගම ද විවිධය. තම ග්‍රහලොව විනාශ වෙද්දී සරණ සොයා මෙහි පැමිණියා නම්, එසේ විවිධ ග්‍රහලෝකවලින් විවිධ ජීවීන් පැමිණියා නම් ඔවුන් අතර පරස්පර මෙන් ම ගැටුම් ද ඇති වීම වැලැක්විය නොහැකිය.
ජර්මානුවන්, යුදෙව්වන්, ආරාබි ජාතිකයන්, ඊශ්රාල්වරුන් අතර ඇති ගැටුම බොහෝ ඈත අතීතයට දිව යන්නකි. දහස් ගණන්, දස දහස් ගණනින් මිනිසුන් මරණයට පත් කරමින් ඇදී යන මෙම යුද ගැටුම් නිසා පීඩාවට, මරණයට පත්වන්නේ යුද්ධයක අවශ්‍යතාවයක් නැති සාමය කැමති පුද්ගලයන්මය. අනෙකා මරා දැමීමට ඔවුන්ට ඇති එකම හේතුව තමාගේ ආදරණීයයන් ඔවුන් අතින් මරණයට පත් වීමයි. ඔවුන්ගෙන් සමහරෙක් මෙයට තරයේ ම විරුද්ධ වුවත් තමන් උපන් ජාතිය හේතුකොටගෙන ඔවුන් හංවඩු ගැසී ඇත්තේ සතුරන් වශයෙනි.
ජර්මනිය, ඊජිප්තුව, ඊශ්‍රායලය හා පලස්තීනය අතර දෝලනය වන මෙම අබිරහස, කෙනෙකුගේ පූජනීය, වන්දනීය, කෞතුකමය හා අමිල වස්තුවක් අරඹයාය. දෛවයේ ලියවී ඇති ආකාරයට එය සොයා යන තිදෙනෙකි ඛලීපා, ලයිලා, බෙන් රෝයි. ඔවුන්ගේ මෙහෙයුම සාර්ථික වේද? මෙහෙයුමෙන් දිවි ගලවාගන්නෝ කව්රුන් ද? අමිල වස්තුව සොයා ගැනීමට ඔවුන් සමත් වෙයි ද? එය සොයා ගත්තා කියා මැදපෙරදිග ඇවිලෙන ගිනි දැල් නිවී ගියේද?
Devole Sangawunu Abhirahasa - දෙවොලේ සැඟවුණු අභිරහස
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - N P Wijerathna - එන් පී විජේරත්න
- - Paul Sussman
- ISBN: 9789556972535
- Availability: Out Of Stock
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 120
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Osirisge Ran Akaraya - ඔසිරිස්ගේ රන් ආකරය
අලෙවි වාර්තා තැබූ The Last Secret of the Temple කෘතියේ කර්තෘ Paul Sussman ගේ තවත් අගනා කෘතියක සිංහල..
Rs. 1,250.00
Sangawunu Kshemabhoomiya - සැඟවුණු ක්ෂේමභූමිය
ඊජිප්තුවේ සුවිශාල බටහිර කාන්තාරය පාදක කර ගත් ත්‍රාසජනක හා කුතුහලාත්මක කතාවකි. ක්‍රි.පූ. 2152දී..
Rs. 1,350.00
Cambyses Senankaya - කැම්බයිසෙස් සේනාංකය
ක්‍රිස්තු පුර්ව 523දී පර්සියානු පාරාවෝ රජ කෙනෙකු වූ කැම්බයිසෙස් ඊජිප්තුවේ බටහිර කාන්තාරය වෙත පන..
Rs. 950.00
Dwithwa Awamagula - ද්විත්ව අවමගුල
පොරෝ ඝාතකයා හෙවත් ඇක්ස් කිලර් යන නමින් හඳුවනු ලබන චෙට් ලෝගන් හිර ගෙදර වෙත රැුගෙන යන අවස්ථාවේ අත්ඩංගු..
Rs. 500.00
Bronte Soyuriyo - බ්‍රොන්ටේ සොයුරියෝ
එමිලි මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් ඒවා සිදු වූ ආකාරයටම ඇගේ දිනපොත් කොළවල සටහන් කළාය.ඇය ටැබීගේ රළු වචන ..
Rs. 500.00
Singaporuwa Saha Malesiyawa Charika Athpotha - සිංගප්පූරුව සහ මැලේසියාව චාරිකා අත්පොත
විදේශීය විනෝද සංචාරයකට ප්‍රිය කරන බොහෝ දෙනෙක් ඒ සඳහා තෝරාගන්නේ සිංගප්පූරුව,මැලේසියාව හෝ ඒ දෙකම ය.(නැ..
Rs. 500.00