“... නො වැගිරෙන කඳුළින් ඇගේ දෑස බර ව තිබිණ. සිරුර ඝන වූ නිසා හෝ ඉහිල් වූ නිසා සාරිය, හැට්ටයට යා කළ උරහිසේ යතුරු කටුව සිටියේ කට ඇර ගෙන ය. ටෙරාසෝ ඇල්ලූ හිණි පෙළේ කුණුදූවිලි ද සමග සාරිපට පොළොවේ ඇද්දෙමින් තිබුණේ එහෙයිනි. බලාපොරොත්තු සුනුවිසුනු ව ගිය හදවතින් සැඩසුළඟක් හමා යමින් තිබිණ. එය අවදි ව නැඟුණේ දම්සක්ගේ මරණය නිසා හටගත් අනුවේදනීය හැඟීමට ප්රතිවිරුද්ධ දිශාවකිනි. ජීවිතයට කඩාපාත් වූ අකුණු සැරයක් වැනි දම්සක්ගේ මරණයේ කම්පනය පහ ව යත් ම ඇගේ සිත තුළ අලුත් බලාපොරොත්තුවක් ලියලා වැඩුණේ ය.ඉරණමට හිත හදා ගැනීමේ උපේක්ෂාවට ඇය නැවතීමේ තිත තැබුවේ එදා ය. දම්සක්ගේ ඝාතකයන් සොයා යාම ඒ වන විට ජීවිතයේ දූත මෙහෙවර බවට පත් වී තිබිණ. ලටුකික ජාතකයේ කැටකිරිල්ලියගේ සහායට සිටි කවුඩා, නිලමැස්සා හා මැඬියා මෙන් මේ ගමනේ දී ඇයට අත්වාරුවක් වීමට සිටියේ සචිත්ත වනසුන්දර හා සුධීරා ය....”
Dhara - ධාරා
- Publisher: Seri Prakashana - සේරි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Kathleen Jayawardena - කැත්ලීන් ජයවර්ධන
- ISBN: 9789553111122
- Availability: Available
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60