මං බීම නවත්තන්න උත්සාහ කළා 80 ගණන්වල මුල් හරියෙදි. කීවට විශ්වාස කරන්න, මාස 5ක් විතර. ඒත් තේරුමක් නෑ. මොකද අර දිලිසෙන රන් පාට ජීවිතෙන් මැකිලා ගියාම පාවිච්චි කරන්න බැරි ජවයක් එක්ක කේන්තියක් තමයි ඉතුරු වෙන්නෙ. "-
ශෙහාන් කරුණාතිලකගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් වන චයිනමන් : ප්‍රදීප් මැතිව්ගේ ක්‍රිකට් ප්‍රවාදය ,ක්‍රිකට් තුළින් අපේ රට දකින නවකතාවකි.මෙරට ඉංග්‍රීසි සාහිත්‍ය සදහා පිදෙන ග්‍රේෂන් ත්‍යාගය එයට පිරිනමමින් එහි ජූරිය පැවසූයේ " මේ සමකාලින ශ්‍රී - ලාංකික ප්‍රබන්ධ අතර විශ්මය දනවන තරම් නිර්මාණාත්මක කෘතියක් " බවයි .
ආසියාවේ , එක්සත් රාජධානියේ සහ අමෙරිකාවේ පුළුල් පාඨක අවධානයට ලක් වූ චයිනමන් 2012 , පොදු රාජ්‍ය මණ්ඩලීය සාහිත්‍ය සම්මානය ද ,2012 දකුණු ආසියානු සාහිත්‍යය සඳහා පිදෙන DSC සම්මානයද දිනාගත් අතර , එක්සත් රාජධානියේ සුප්‍රකට වොටර්ස්ටෝන්ස් පොත් හලේ 2011 , හොඳම කුළුදුල් නවකතා ලැයිස්තුවට ඇතුලත් විණි.
මෙතෙක් වැඩිම ජාත්‍යන්තර සම්මාන ගණනක් දිනු ශ්‍රී - ලාංකික ඉංග්‍රීසි නවකතාව වන චයිමන් සිංහල පාඨකයන් අතට පත්වන්නේ දිලීප අබේසේකරගේ අනුවාදයක් ලෙසය.
Chinaman - චයිනමන්
- Publisher: Diogenes
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Shehan Karunatilaka - ශෙහාන් කරුණාතිලක
- - Dileepa Abesekara -දිලීප අබේසේකර
- ISBN: 9789557719009
- Availability: Available
-
Rs. 695.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Chinaman
When a New Zealand journo, with a nose resembling the beak of his national bird, asked me why Lank..
Rs. 1,650.00