මිනිසෙකුට මෙතරම් දුක් ඉසිලිය හැකි ද? චීන ඉතිහාසයේ වැදගත්ම හා දුෂ්කරම කාලපර්ච්ඡේදයක කටුකත්වයේ පතුලෙහි වද විදි මිනිසෙකුගේ ජීවන දැක්ම විදහා දැක්වෙන නවකතාවකි.
මේ කෘතිය චීන විප්ලවයෙන් පසු වැදගත්ම කාල පරාසයක් ආවරණය කරන කෘතියක්. මේ කෘතියේ ප්‍රධාන චරිතය වෙන්නෙ විප්ලවයට පෙර චීනයේ හිටපු රදලවරයකුගෙ පුතෙක්. ඔහු තමයි එහි කතාන්දරකරුවා. ඔහු කියන කතාන්දරය මත තමයි කතාව ගලාගෙන යන්නෙ. විප්ලවයට පෙර ඔහු නාස්තිකාර පුත්‍රයෙක්. නමුත් විප්ලවයෙන් පසු ඔහු සාමාන්‍ය අහිංසක ගොවියෙක්. බිරිඳ හා දරු දෙදෙනා සමග ඔහු ගත කරන්නෙ ඉතා සාමකාමී දිවියක්. විප්ලවයෙන් පෙර හා විප්ලවයෙන් පසු කියන මුළු කාලය පුරාම මිනිසා ජීවත් වීම සඳහා කරන අඛණ්ඩ අරගලය YUHUA මේ චරිතය හරහා ඉතා අපූරු ආකාරයකට ගොඩනඟනවා. ජීවත් වීම සඳහා මිනිසා කරන මේ අඛණ්ඩ අරගලය සාකච්ඡා කිරීමේදී කතුවරයා කිසි විටෙකත් චීන ආණ්ඩුව විවේචනය කිරීමට පෙළඹෙන්නෙ නැහැ. ඒ වෙනුවට ඔහු තෝර ගන්නෙ අපූරු විවේචනාත්මක රීතියක්. ඒ තුළ ඔහු කරන්නෙ කිසිම දෙයක් නැතුව Fogui කියන චරිතයක් නිර්මාණය කරල එම චරිතය ඉදිරියට ගෙනැල්ල ඔහුට එම කතාව කියවාගෙන යන්න ඉඩ හැරීම පමණයි.‘‘
Divi Satanaka Andaraya - දිවි සටනක අන්දරය
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Yu Hua - යූ හුවා
- ISBN: 9789551558611
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40