මේ ශරීරය ජරාවත්, මරණයත්,මානයත්, ගුණමකු කමත් එවැනි තවත් දහසක් දුර්ගුණත්, ඇතැම් විටක යහපත් ගුනයනුත් ඔබ්බවා, තුන්සියයක් ඇටකටු පිහිටුවා, නවසියයක් නහර මැදින් වෙලා, මස් හා ලෙය ගල්වා කරන ලද නගරයක්.
ප්රේමය නිසා බියද,ශෝකයද, දුකද හටගනී. ප්රේමයෙන් වෙන් වූවන්ට බියක් කොයින්ද? එහෙත් සිත වෙළා ගන්නා ශෝකය?
මිනිස්සු , ගෑනුන්ව රිලව් වගේ නටවන හැටි ලියන්න ම්ං කැමති නෑ.
මට රිලව් නටවන්නො තුන් දෙනෙක් හිටියා.වැඩිම කාලයක් මාව නටවපු රිලව් නටවන්නගෙ අතත් කඩලයි ම්ං ආවෙ.
හිතේ පාළුවට, වේදනාවට එක්කො උඹ්ලා වගේ බොන්න ඕන. නැත්තන් නන්නත්තාර වෙන්න ඕන.එහෙමත් නැත්නන් කෝච්චියට බෙල්ල තියන්න ඕන.ම්ං ඒ තුනම නොකර ලියනවා.
බිරින්දෑ ප්රේමාලාපයෙන් පමණක් නොව රැවටීමෙන්ද සොම්නස් කිරීම සැබෑ ප්රේමය වන්නේ නම්,ප්රේමය සැබෑ ලෙස කුටුම්බය තුළ පිළිබීඹු වන්නේ නැත.දේශපාලනය හා සංස්කෘ තිය තුළද එවිට ක්රියාත්මක වන්නේ පුරුශ මතය මිස ස්ත්රී පුරුශ මතය නොවේ.
ඔයිට වැඩිය ලියන්න බෑ.මෙච්චරයි. කතෲතුමාට ඕන නම් දාන්න.
කතෲත් පිරිමියෙක් බව අමතක නොකරන්න.
විස්තරේ අම් රිතාගෙන් අහගන්න
Dula Dulaya - දුල දුලාය
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sumithra Rahubadda - සුමිත්‍රා රාහුබද්ධ
- - Books to read in Quarantine
- ISBN: 9789551470067
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50