තණ
පදුරු ඇගේ පා මුල නැලැවෙමින් තිබුනි. එය හරියටම මුහුදක් මැද සිටින්නා
වාගේය.ගන සැරේට දණක් උසට වැවුනු තණකොල අතරින් ඇවිද යන විට ඒවා දෙපයේ
පටලැවුණි.තණ බිස්ස කෙලවර වූයේ තුරු පෙලකින් ය.එතැන ට ගිය විට තුරු වදුලු
ඔබ්බේ ගලා යන අපූරු දිය දහරකි.ඕ දෙදණ බිම ඔබා දියට එබුනා ය.පිරිසිදු සුනිල
දිය තලය මත වේගයෙන් පිහිනන මාලුන් ගේ දිලිසෙන කුඩා සිරුරු, රවුම් බියපත්
ඇස්, සෝබමාන සිනිදු වරල් වල හැඩය පවා ඇයට පැහැදිලිව පෙනුණි.ඇය පරිසරයේ
මනෝරම්‍ය බව දැසින් උරා ගන්නට සැරසී ඒ දෙස ඇසිපිය නොහෙලා බලා සිටියාය.
සුලග ඇගේ මුහුලස අවුල් කරමින් තණ පදුරු අතරින් හමා ගියේය.හදිසියේම ඕ ඒ සුන්දරත්වයෙන් මන්මත්ව ගිය තරම් ය.
Durga Man Petha - දුර්ග මං පෙත
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Priyanka Kahawanugoda - ප්‍රියංකා කහවණුගොඩ
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556912890
- Availability: Out Of Stock
-
Rs. 630.00
- KBOOKS Cashback Rewards: 63