ස්ටෙෆිනිට ජීවිතය බෙදාගන්නට සිදු ව තිබුණේ කිසිදු වැදැගැම්මකට නැති
ස්වාමිපුරුෂයෙකු සමගිනි. දරුවන් දෙදෙනෙක්ද ලද විවාහයෙන් වසර 13 කට පසු මේ
මිනිසා ඉතා තරුණ ගැහැනියක් වෙනුවෙන් තුච්ඡු ලෙස ඈ හැර යයි. ලෝකය කඩා වැටී
ස්ටෙෆ්නි තනිවෙයි. ඉදින් ඈ ආදරය සොයා නිව්යෝක් නගරයේ වියරු වැටුණු තනිකඩයන්
අතරේ සැරිසැරීමෙන් පසු තම දරුවන් හදා වඩාගෙන එකලාව ජීවත්වීමට තීරණය කරයි.
අතරතුර ඉතාමත් කඩවසම් ව්‍යාපාරිකයෙක් වූ පීටර් බේකර් ඇගේ ජීවිතයට එබිකම්
කරන්නේ පැරීසියේදී ය. එතැන් පටන් ඇගේ සිහිනවල හෝ නොතිබූ අරුමැති
දෑ ඇය කරා පැමිණෙයි. විධායක අධ්‍යක්‍ෂවරයෙක් වූ සන්සුන්, වගකීම් සහගත
පීටර් ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් විදේශගත වීමට නියමිතව තිබුණත් හදිසියේ
ඇගේ නිවසේ දොර අසලට පිවිසෙන්නේ අමුතු මාදිලියේ ඇඳුමැතිව මහත්සේ වෙනස්
ස්වරූපයකිනි. මුලදී මෙය විහිළුවක් සේ සිතන ස්ටෙෆනී පසුව දැනගන්නී ඒ පීටර්ගේ
ම ක්ලෝනය වන පෝල් බවයි. හීලෑ නොවූ සත්ත්වයෙකු වැනි ඔහු පීටර්ට සමාන වන්නේ
දෙදෙනාගේ ඇති සර්වසම කාමුක බාහිර පෙනුමෙන් පමණි.
තම ජීවිතයට හදිසියේ කඩා වැදුණු මේ පිිරිමින් දෙදෙනා හමුවේ ස්ටෙෆ්නිගේ දෛවය ඈ කොයි දෙසක ගෙන යනු ඇති ද?
තම ජීවිතයට හදිසියේ කඩා වැදුණු මේ පිිරිමින් දෙදෙනා හමුවේ ස්ටෙෆ්නිගේ දෛවය ඈ කොයි දෙසක ගෙන යනු ඇති ද?
Dwanda - ද්වන්ද
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Danielle Steel
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Jeewanthi Koshila - ජීවන්ති කෝෂිලා
- ISBN: 9789556972894
- Availability: Out Of Stock
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55