මගේ පිටිපස්සෙන් "ටක්.. ටක්.." හඩින් අඩි සද්දයක් ඇහුණා.
ඒ අඩි සද්දෙත් අඩිය තියන්නේ මම අඩිය තියන වේගෙටමයි.. මට හිනාගියා.. ඒ මගේ අඩි සද්දෙම දෝංකාර දෙන හඩනෙ.. මගේම අඩි සද්දෙ අපහැදිලි දෝංකාරයක්..
ඒත්............
මම ආයෙමත් ඇවිදගෙන යන්න පටන් ගත්තම.. ඒ සද්දෙ ආයෙමත් මගේ පිටිපස්සෙන් ආවා.. ටක්.. ටක්.. ටක්..
මේ පඩිපෙලේ මගේ අඩි සද්දෙ දෝංකාර දෙන හඩ මීට කලින් කවදාවත්ම මට ඇහිලා නෑ..
මම අඩිය ඉක්මන් කරලා යන්න පටන් ගත්තා.. මගේ පස්සෙන් එන අඩි සද්දෙත් මගේ ගාණටම ඉක්මන් වුණා.. ඒක නම් දෝංකාරයක් වෙන්නම ඕන.. ඒ කොච්චර වුණත් ඒ සද්දෙ හින්දා මගේ පපුවත් වේගෙන් ගැහෙන්න පටන් ගත්තා..
හරියට මීදුමට මුවා වෙච්ච කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ මට දැනුණේ..
මම ආයෙමත් එක පාරටම නැවතුණා..
අඩි සද්දෙත් නැවතුණා..
ඒත් මට හොදටම විශ්වාසයි.. මේ වතාවේ අඩි සද්දෙ නැවතුණේ මම නැවතිලා විනාඩියකට විතර පස්සෙ..
ඒත්..
නෑ.. ඒක දෝංකාරයක් නෙවෙයි.. වෙන කවුරුහරි..
මීදුමට මුවා වෙලා හැංගුණ කවුදෝ කෙනෙක්...
"කවුද ඔතන..?" මම ඇහුවා.
ම්හ්හු.. උත්තරයක් නෑ.. ඒත් මට හොදටම විශ්වාසයි.. කවුරු හරි ඉන්නවා.. මට නොපෙනෙන්න.. මගේ පිටිපස්සෙන්.. මීදුමට හැංගිලා කවුදෝ ඉන්නවා..
කවුද..? මොකක්ද..?
ඒ කවුද කියලා මට හිතාගන්න බැරි වුණා.. මට හුස්ම ගන්නත් අමාරු වුණ තරම්.. මම බිත්තියට වාරු වුණා..
මට බය හිතුණා..
ඒත් මම බය වුණේ මොකටද කියලාවත් මට හිතා ගන්න බැරි වුණා..
තවත් මොහොතකින් මීදුමෙන් මතු වෙන..
ඒ භයංකාර දේ මොකක්ද..?

E Mama Neweyi - ඒ මම නෙවෙයි
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Muditha Herath - මුදිතා හේරත්
- - Catherine Macphali
- ISBN: 9789556911503
- Availability: Available
-
Rs. 360.00
- KBOOKS Cashback Rewards: 36