මා සමග සිරභාරයට පත් වූ ඉංග්‍රීසි ජාතික සිර කරුවන් ගෙන් යටත් පිරිසෙන් එක් කෙනෙකු වත් මට මුණ ගැසෙන විට, මගේ පියාණන් මිය ගොස් පුරා අවුරුද්දක් ඉක්ම ගොස් තිබුණේ ය. අවුරුද්දකට පසු, නිලධාරීන් හට බලවත් ලෙස කන්නලවු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, අපේ කණ්ඩායමේ කෙනෙක් වූ (දැන් මා වැනි සිරකරුවෙකි) ජෝන් ග්රැගරි හට මා බලන්නට එන්නට අවසර ලැබුණේ ය. එහෙත්, ඒ පැය විසිහතරකට වැඩි කාලයක් එකට පසුවීමේ තහනම ඇතිව ය.
පුරා වර්ෂයකට පසු සහෝදර සිරකරුවකු මුණ ගැසෙන්නට ලැබීම ඇසට රසඳුනක් බඳු විය. එසේම අපගේ මුණ ගැසීම ජෝන් ග්‍රැගරිගේ ද අසමාන ප්‍රසාදය පිණිස විය. මොහු මුණ ගැසෙන තුරු අපේ අනෙක් සිරකරුවන් පිලිබඳ මුදු මහත් කිසිඳු තොරතුරක් දැන ගන්නට ඉඩක් හෝ මගක් මට නො ලැබුණේ ය. එහෙත් ඔවුන් සියලු දෙන ම දවසක ගමනකට දුරින් වාසය කරන බව ඔහුගෙන් දැනගන්නට ලැබිණ. ග්රැගරි හට දෙන ලද අවසරය පූර්වාදර්ශයක් ලෙස ගෙන හැර දක්වමින්, මට ද ඔවුන් දකින්නට යන්නට අවසර දෙන ලෙස මම ද කන්නලවු කෙළෙමි. මදක් කල් පසුවී වුව ද එම අවසරය අන්තිමේ දී මට ලැබිණ. ඉතා අසන්නයෙහි ම වාසය කළ ඉංග්‍රීසීකාර මනුෂ්‍යයාගේ නිවසට මම ගියෙමි. මා ඉතා සමාදරයෙන් පිළිගත් හෙතෙම ඊළඟ, දිනයේ දී ඒ ආසන්නයේ වාසය කළ අපගේ මිතුරන් සංක්‍යාවක් ම ඒ නිවසට කැන්දා ගෙන ආවේ ය. අපේ කට්ටිය අටදෙනෙකුගෙන් සමන්විත විය.
Eda Hela Diva - එදා හෙළ දිව
- Publisher: M D Gunasena - එම් ඩි ගුණසේන
- Categories:
- - Miscellaneous - විවිධ
- - History - ඓතිහාසික
- - David Karunarathna - ඩේවිඩ් කරුණාරත්න
- ISBN: 9789552102235
- Availability: Out Of Stock
-
Rs. 1,100.00
- KBOOKS Cashback Rewards: 110
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Lankawa Pruthugeesi Yugaya - ලංකාව පෘතුගීසි යුගය
Ceylon The Portuguese ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය..
Rs. 1,350.00
Peradiga Minisunge Chinthana Vidi - පෙරදිග මිනිසුන්ගේ චින්තන විදි
හැකි සෑම අවස්ථාවකම එක් එක් මිනිස් ප්‍රජාවෙහි පුරුදු නිගමන හා අනුමාන විශ්ලේෂණය කරමින් ඔහුන්ගේ චින්තන ..
Rs. 1,400.00
Lankawe Pruthugeesi Yugaya 2 Kandaya - ලංකාවේ පෘතුගීසි යුගය 2 කාණ්ඩය
Ceylon The Portuguese Era ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය..
Rs. 2,250.00
Lekhanawali - ලේඛනාවලි
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් සිට විශ්‍රාම ගැනීමෙන් අනතු..
Rs. 3,500.00