නර්තන අධ්‍යයන න්‍යාය සහ විධික්‍රම නම් මෙම කෘතිය වූ කලි නව නර්තන පර්යේෂණ සඳහා ප්‍රවේශයන් ගණනාවක් හෙළි කරන පාඨ ග්‍රන්ථයකි. එම ප්‍රවේශ ඔස්සේ නර්තන කලාව නව දිශාවන්ට විවෘත කළ හැකිය. මෙසේ නර්තන කලාව සමඟ අධ්‍යාපනික වශයෙන් ඉහළ මට්ටමේ ගනුදෙනුවක් ඇති කරගැනීමට නම් විද්‍යාර්ථියාට ඒ සඳහා නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. නර්තන අධ්‍යයන සම්බන්ධ විවිධ න්‍යාය සහ විධික්‍රම ගණනාවක් විසි වැනි සියවසේ අග භාගයේ සහ විසි එක් වැනි සියවසේදී ඉදිරිපත් වී ඇතත්, ඒවා සිංහල භාෂාවෙන් කියවන පාඨකයන්ට මුණ ගැසී ඇත්තේ ඉතාම අල්ප වශයෙන් බව පෙනේ. දේශීය නර්තන අධ්‍යයන විෂයයෙහි පවතින එම රික්තය යම් අයුරකින් හෝ පිරවීමට මෙම ග්‍රන්ථයෙන් දායකත්වයක් සපයයි.
ජාත්‍යන්තර මට්ටමේ නර්තන අධ්‍යයන සඳහා භාවිත කළ විවිධ ප්‍රවේශයන් හඳුන්වා දෙන කතුවරයා, ඒවායේ ශක්‍යතා සහ දුර්වලතා පෙන්වා දෙයි. දේශීය නර්තනයන් අධ්‍යයනය කිරීම සඳහා යොදා ගත හැකි නව න්‍යාය සහ විධික්‍රම ගණනාවක්ම මෙමගින් ඉදිරිපත් කෙරේ. පොදුවේ නර්තන හා රංගකලා අධ්‍යයනයෙහි යෙදෙන ශිෂ්‍යයන්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සහ එම විෂය උගන්වන ගුරුවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විවිධ මට්ටමේ පර්යේෂකයන්ට මෙය අත්පොතකි.
Narthana Adhyayana Nyaya Saha Vidhikrama - නර්තන අධ්‍යයන න්‍යාය සහ විධික්‍රම
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Sudesh Manthilaka - සුදේශ් මන්තිලක
- ISBN: 9786245546114
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40