වරප්‍රසාද ලත්, සුඛෝපභෝගී පැලැන්තියේ පවුලක උපත ලත් ඇනබල් වර්තින්ටන් හැදී වැඩුණේ නිව්යෝර්ක් නගරයේ ශෝභා බව මධ්‍යයෙහිය. නමුත් 1912 වසරේ එක් සීත අප්‍රේල් රාත්‍රියක ටයිටැනික් නැව මුහුදු පතුලෙහි සැඟවීමත් සමග ඇගේ දිවිය සදහටම වෙනස් වෙයි.
ශෝකය තුළින් ශක්තිමත් වන ඇනබල්, රෝගී අසරණයනට සාත්තු කරමින් රෝහල්වල ස්වෙච්ඡා සේවයට එක්වන්නේ පසු කලෙක ඇගේ ජීවිතය වෙනස් කරනා වෛද්‍ය විද්‍යාවට දැඩි ඇල්මක් ඇතිකර ගනිමිනි. ඉතා යහපත් යැයි පෙනෙන විවාහයක් ඇගේ ජීවිතයට කඳුළක් ගෙන එද්දී ඇදහිය නොහැකි අභූත චෝදනා වලට ලක්වන ඇනබල් සිය මවුබිම වූ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරය අත්හැර පළමු ලෝක සංග්රාමයෙන් ගිනිගත් ප්‍රංශයට යන්නේ දිවි පරදුවට තබා ස්වෙච්ඡා සේවයෙහි යෙදෙමින් සිය දුක්බර අතීතය අමතක කිරීමටයි.
එහිදී ඇය තම සැබෑ දිවිය හඳුනා ගන්නීය. දේශ සීමාවෙහි වෛද්‍ය සහායිකාවක ලෙස කටයුතු කරන ඇය යුද්ධය නිමවීමත් සමග ඇයට හිමිවිය යුතු නව ජීවිතය පැරීසියේදී ආරම්භ කරයි.
දැන් වෛද්‍යවරියක මෙන්ම මවකද වන ඇයගේ දුක්බර අතීතය සහමුලින්ම අමතකව යද්දී එක් දෛවෝපගත හමුවීමක් ඇය අතහැර ආ අතීතය වෙතට ඇයව කැඳවා යයිEk Sonduru Gahaniyak - එක් සොඳුරු ගැහැනියක්
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Danielle Steel
- - Wasantha Pigera - වසන්තා පිගේරා
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556912654
- Availability: Out Of Stock
-
Rs. 590.00
- KBOOKS Cashback Rewards: 59