මා විසින් උදේ හවස යනෙන එකසිය තිස් අට කඩවත - කොටුව බස් රථය තුළ දී ඇස ගැටෙන සිදුවීම් හා සිතට නැගෙන සිතුවිළි ප‍්‍රකාෂ කිරීමේ මාධ්‍යක් සොයමින් පසුවූවා. අවසානයේ මා තෝරාගත් මාධ්‍ය තමයි ලිවීම. මොකද අන් සියලූම මාධ්‍යයන්ට වඩා ලිවීම කියන දේ මගේ හිතට දැනෙන්නට ගනිමින් තිබූ අවධියක් ඒක. බොහොම විඩාබර දවසක් අවසානයේ අපට හති අරින්නට උරුමව තිබූ ගිමන් හළ තමයි මේ 138 බස් රථය. මුළදී හිතේ විඩාව නිවා ගැනීමේ අරමුණින් අකුරු කලත් පසුව මටත් නොදැනීම ඒවා කවි බවට පත්වී තිබුණා. එලෙස ලියූ සෑම ලියවිල්ලක් අවසානයේම හිතට මොකක්දෝ සහනයක් දැනෙන්නට ගත්තා.
Ekasiya This Ata 138 - එකසිය තිස් අට 138
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Madushantha Bandara - මදුශාන්ත බණ්ඩාර
- ISBN: 9789556564648
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35