.මෙම කෘතිය, ඉසබෙල් අයියන්දේ විසින් රචිත The Stories of Eva Luna කෘතිය ඇසුරින් සිංහලයට නඟන ලද්දකි.
ඇගේ සිතේ උපන් අපූරු චරිත, එ්වාට අදාළ විචිත්‍ර... සිදුවීම්... කතාන්දරයක් ආකාරයෙන් ඉදිරිපත් කෙරේ.
ඉසබෙල් අයියන්දේගේ නවකතා ලොව පුරා භාෂාවන් තිහකට පරිවර්තනය වී ඇති අතර, පිටපත් මිලියන පනස් එකකට වඩා අලෙවි වී ඇත.
----------------
”මම කිසි දිනෙක පණිවිඩයත් දීමට උත්සාහ නොකළෙමි. මට අවශ්‍ය වූයේ කතන්දරයක්
කීමට පමණි. ‘ඉතින් ඇයි එ් කතාවම?’ මම නොදනිමි. එහෙත් බොහෝ දුරට සිතීමට,
ධ්‍යානයට සම වැදීමට මම උගෙන සිටිමි. යම් තේමාවක් හෝ කතා වස්තුවක්, මගේ සිතට
වද දෙමින්, එහි හොල්මන් කරමින්, අවුරුදු ගණනාවක් ජීවත් වෙයි. අවසානයේදී මම
එය ලියා දමමි. එ් මන්දැයි මගෙන්ම ඇසීම මම නවතා දැමුවෙමි. මගේ සෑම පොතකම මා
ගවේෂණය කරන්නේ මගේම ආත්මය බව, මගේම අතීතය බව, මගේම ජීවිතය බව මම දැන්
විශ්වාස කරමි. ඇතැම් දෙය මා තුළ ගැඹුරු උනන්දුවක් ඇති කරයි. ශක්තිමත්
ගැහැනු, මවුවරු, ආදරය, සාහසිකත්වය, මරණය, අහිමි වීම, දුක, මිතුරුදම්,
විශ්වාසය, සාධාරණත්වය සහ මෝක්ෂය; මේවා මගේ ලේඛනයෙහි හා මගේ ජීවිතයෙහි
නිරන්තර තේමාවන් වැනිය.”
- ඉසබෙල් අයියන්දේ
Eva Kiyu Apuru Katha - ඊවා කියූ අපූරු කතා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Isabel Allende - ඉසබෙල් අයියන්දේ
- ISBN: 9789553105370
- Availability: Out Of Stock
-
Rs. 375.00
- KBOOKS Cashback Rewards: 38