මංගලා ඇගේ ගර්භනී කාලය තුල මුහුණ දෙන්නට සිදුවන පුද්ගල හා සමාජ ඝට්ටන තුළ මුහුකුරා යන ඇය, තමා ඉදිරියේ ඇති සමස්ත දිවිය තුළ ගැබ්ව ඇති ශක්‍යතාව හා අපූර්වත්වය වැළද ගන්නී සිය යෞවන ආලයෙන් හා අනන්ත සිහින වලින් මිදී වඩාත් පුළුල් වූද; ඉම නොපෙනෙනා වූද ලෝකයට අවතීර්ණ වේ.හොඳ හා නරක අතර බෙඳුම් රේඛා බොඳ වී යන යොවුන් වියේ ආදරය ඛේදවාචකයක් කරගත් මංගලා පාසල් යන අතර ගැබ් ගන්නීය. ඇයට රහසින් ඇගේ ආදරවන්තයා එංගලන්තයට පලා යාමෙන් පසු විදින්නට සිදුවන වේදනාවේ හා අවමානයේ තරමට මරණය බියකරු නොවන මොහොතක ඇය සිය දිවි නසා ගන්නට තීරණය කළත්, අහඹු සිදුවීම් තුළ ජීවත් වීමට අවස්ථාව ලද ඈ, තමා ඉදිරියේ දිග හැරෙන මනුෂ්‍යත්වයේ මහිමය තුළින් වඩාත් අසීමිත වන්නේ මරණය නොව, ජීවිතය බව අවබෝධ කරගන්නට සමත් වන්නීය.ඇගේ කතාවේ ඇයට මුණ ගැසෙන පුද්ගලයින්ගේ ජීවිත ගමන් මග ලැබෙන්නට සිටින දරුවා නිසා වෙනස්වන සැටි අත්දකින මංගලා නිමේෂයක සිදුවීමක් තුළ මනුෂ්‍ය ජීවිත වල ඉරණම එක් මානයක සිට තවත් මානයකට දෝලනය වන සැටිත්, එනිසාම ජීවිතය යනු දුක-සතුට මුසු වූ එකිනෙකට වෙනස් නැවුම් පරිච්ඡේද වල වියමනක් මිසක, ශෝකාන්තයක් නොවන බවත් විශ්වාස කරන්නට පටන් ගනී.
Gahanu Lamayage Maranaya - ගැහැණු ළමයාගේ මරණය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Shamel Jayakody - ශමෙල් ජයකොඩි
- ISBN: 9789556713756
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60