ජේ. එම් කෝඑට්සි සිය රටේ පැවති වර්ණ භේදවාදී ප්‍රතිපත්තිය සේම එහි පශ්චාත් වර්ණභේදවාදී සංක්‍රාන්තිය ද, මනුෂ්‍ය ස්වභාවයේ නිරුවත නිර්දය ලෙස පිළිඹිබු කිරීමට නිරන්තරයෙන් උත්සාහ දරණ ලේඛකයෙකි. Disgrace එහි උච්චතම අවස්ථාවකි.
පශ්චාත් වර්ණභේදවාදී දකුණු අප්‍රිකාව තීරණාත්මක ලෙස වෙනස් වූ බල සංරචක විසින් ඇති කරනු ලැබ තිබෙන නව දේශපාලනික හා ආචාරධාර්මික අභියෝගයක් නොබියව වේදිකාවට කැඳවමින්, කෝඑට්සි ඒ ඔස්සේ යෙදෙන්නේ අන්ධකාර මනුෂ්‍ය සත්ථාව පිළිබඳව ගැඹුරු හා නිර්දය ගවේෂනයකය.
සිය කුසලතාව තමා අවට සමාජයට කැඩපතක් ඇල්ලීමට පමණක් සීමා නොවන බව ඔහු Disgrace හරහා ප්‍රකට කරවයි. එතැනින් ඔබ්බට යමින් ඔහු කළු මිනිසා සහ සුදු මිනිසා අතර මෙන්ම ස්ත්‍රිය හා පුරුෂයා අතරත් පවතින ආතතිගත සබ්ඳතාව පිළිබඳව කරදරකාරී හා තැතිගන්වන සුළු ප්‍රශ්න කිරීමක නියැලේ.
Garhawa - ගර්හාව
- Publisher: Sama Publishers - සම ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Sanath Balasooriya - සනත් බාලසූරිය
- - J.M. Coetzee - ජේ එම් කොඑට්සි
- - Books to read in Quarantine
- ISBN: 9789554274334
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50