මිනිසුන්ගේ
ආහාර විධි හා ආහාර සංස්කෘතිය ගොඩ නැඟුණු ආකාරය පිළිබඳව කළ සුවිශාල
අධ්‍යයනයක් වන මෙම කෘතිය, වසර දස දහසකට පෙර පටන් විවිධ මානව වර්ගයන් හා
ශිෂ්ටාචාරයන් විසින් ගොඩ නංවන ලද ආහාර රටා හා ඒවා සමඟ බැඳුනු සංස්කෘතික
භාවිතාවන් පිළිබඳව සාකච්ඡා කෙරේ.
බොහෝ ආහාරපාන ඉතිහාස ග්රන්ථ
යුරෝ-ඇමෙරිකා කේන්ද්‍රගත දෘෂ්ටිකෝණයකින් ලියැවුණු ඒවාය. එබැවින්, සුළුතරව
හෝ ශ්‍රී ලංකාවේ ආහාරපාන ඉතිහාසය ශ්‍රී ලාංකික දෘෂ්ටිකෝණයකින් ලියූ
ග්‍රන්ථයක අවශ්‍යතාව තිබේ. එම හිඩැස හැකිතාක් දුරට පුරවන වෑයමකි 'ආහාරපාන
පුරාණේ.'
පළමු වතාවට, ඔබ වෙත පිරිනැමෙන 'ආහාරපාන පුරාණේ'
සංග්‍රහය, මහාද්වීප තුනක -අපේ ලෝකයෙන් භාගයක පමණ- ආහාරපාන ඉතිහාසය ගොදුරු
කර ගනී. යන්තම් මානව ගති මෝදු වෙවී එන සමයේ වානර මානව ස්වරූපයෙන් සිටි
සත්ත්වයා, එකම පොර පිටියේ, එකම මස් කට්ටකට රුදුරු විලෝපීන් සමග පොර කෑ එම
ඈත අතීත දවස පටන්, අපේ යුගයේ වසර 1,300 දක්වා වූ කාලය තුළ, මානවවංශ පරිණාම
ප්රවාහයේ විවිධ යුග තුළ ආහාර සම්පාදනය සහ ආහාර පරිභෝජනය උදෙසා මානවයාගේ
අප්‍රතිහත ධෛර්යය සහ උග්‍ර අරගලවල සොඳුරු රුදුරු විලාස එකට ගොනු කළ
සංග්‍රහයකි මෙම කෘතිය.
Aharapana Purane - ආහාරපාන පුරාණේ
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Cookery - සූපවේදය
- - History - ඓතිහාසික
- - Health and Baby Care
- - Sociology - සමාජ විද්‍යාව
- - Milton Fernando - මිල්ටන් ප්‍රනාන්දු
- ISBN: 9786240002707
- Availability: Available
-
Rs. 3,000.00
- KBOOKS Cashback Rewards: 300