ඊට පස්සේ වැඩි කතා බහක් නැතුව හවස් වෙනකම්ම ඔහේ හිටියා. වේලාසනින්ම අපි තුන්දෙනා නිදා ගත්තා. මම තද නින්දේ ඉන්නකොට මට ඇහුණා තාත්තා මෙහෙම කියනවා.
"අපේ කූරා බුරනවා ඇහුණා"
"සාංකාව නිසා ඔයාට හීන පේනවා" අම්මා තාත්තාට කිව්වා.
"නෑ.. නෑ.. නෑ.. ඇත්තමයි."
මම ඇඳෙන් නැගිට්ටා. එතකොටම තමයි කූරා බුරන හඬ අයෙත් ඇහුනේ. අම්මා දුවලා ගිහින් දොර ඇරියා. අපිට අදහාගන්නත් බැරිව ගියා. අපේ කූරා ඇවිත්. එයා අපේ ලඟට පැනලා "කු කු" ගගා මාරුවෙන් මාරුවට අපි තුන්දෙනාවම ලෙවකනවා. මම මිදුලට එබුණා. මෙන්න බොලේ හින්නි බබා මාමා මිදුලට වෙලා හිනාවෙවී ඉන්නවා. එයාගේ එක අතක අපේ රැබිට්ගේ පන් මල්ල.
එකපාරටම පන් මල්ලෙන් පාන්නේ වෙන කවුරුත් නෙවෙයි, අපේ රැබිට්. අපේ තාත්තා පැන්න ගමන් දණගහලා හින්නි බබා මාමට වැන්දා. හින්නි බබා මාමගේත් ඇස්වල කඳුළු පිරිලා තිබුණා.
Punchi Mimi - පුංචි මිමී
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Books Published in 2022 - 2022 වසරේ ප්රකාශිත පොත්
- - Sarath Munasinha Arachchi - සරත් මුණසිංහ ආරච්චි
- ISBN: 9786240017602
- Availability: Available
-
Rs. 550.00