අමා
කවුරුදැයි කියා හොඳ හැටි දැනගෙන
ඉවුරු බිඳි කඳුළු හසරැලි ගඟබඩ
පවුරු බැමි ගඩොළු සවිමත් කර කර
අවුරුදු ම දෙකක් සොඳුරිය මා ළඟ
දැන් ඔයා කවි ලියන්නෙත් නෑ මට
චෝදනා හෙමත් ඉඳහිට විසි කර
පාවෙනා දිවිය පාමුළ ඉඳගෙන
කාරණා කියා දුන් හැටි කදිමය
කළු ගලේ හප්පගෙන ඔළුව නිතර ම
කළුවරේ හැප්පිලා ගෙදර එනකොට
සනුහරේ පුප්පගෙන ගියත් අහකට
මා කෙරේ ඇත්තට ම නැමුණු ඇස්දෙක
විග්රහ විවේචන පණ්ඩිත දේශපාලනේ
නිග්‍රහ නොකර ඉවසං හිටිය කාරණේ
අනුග්‍රහ මුනිවතෙහි සදය මඳහාසයේ
සංග්‍රහ හෘදයෙනි එ්ක ම තමා ආදරේ
ජීවිතෙන් සමු අරං - හෙට යන්න වෙයිද දන්නෑ
මරණයේ තොටුපළේ - කාල සටහන දෙන්නෑ
මෙකවි දුප්පත් නමුත් - ලියලා ඉවර වෙන්නෑ
අවසාන ප්‍රශ්වාසේ - වෙනකං වෙන්ව යන්නෑ
Hamuwanna Thawama Haki Comrade - හමුවෙන්න තවම හැකි කොම්රේඩ්
- Publisher: Ahasa Publishers - අහස ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Wimal Ketipearachchi - විමල් කැටිපෙආරච්චි
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789557861784
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Duwili Sela - දූවිලි සේල
පුතේ, මං අද පුතාට කියන්න කියල හිටියේ. තාත්තා නැතිවෙලා ලබන විසිඑක්වෙනිදට අවුරුදු විසිදෙකක් වෙනවා." ..
Rs. 500.00
Nawaye Kathawa - නවයෙ කතාව
සමීර බෝගොල්ලාගමගේ සිතෙහි තමන් වෙත ආදරයක් නැත්නම් කුණු කානුව පැන ඔහු මේ ලෑලි ගෙදරට ගොඩවූයේ කුමක් නි..
Rs. 400.00
NGO Nalawena Gee Mada Ovilla - NGO නැළවෙන ගී මැද ඕවිල්ල
සාමාන්‍යයෙන් පාපොච්චාරණය කරන කෙනා තමයි දණ ගහන්න ඕන... ඒත් අද වෙනස් . මේ මම ඔයාට දෙන උපන්දින තෑගී මාල..
Rs. 400.00