බරණි තොග කුරුණි බිඳ
වී බිව්වේ නෑ තමයි
හවරි නුග තැඹිලි පැළ
මට පෙකණි වැල් සමයි . . . . .
හඳ පළුවෙ සුද අරන් දළ දෙකම තවරාන
මම තමයි සත්වගට මෙත් වැඩුව ගිජිඳාන!
විසල් මහ වනය තුළ රුක් සෙවණෙ නිදාපු
ලෑලි ට්‍රේලර් රකුසු අරියාදු කරාපූ
කඳුළුදිය දහර බිම් පස ඉරන් ගලාපූ
කළ වරද කුමක්දැයි මං මරා දමාපූ . . .
දමපු වසුරු පිඩු උඩ සුදු ලේන හත්ත පිපීයන්
මතක බණට පසළොස්වක ගල් සියඹල ඉදීයන්
නෙතක හිතක මං ගැන දුක ඩිංගිත්තක් රැඳීයන්
මොරමල් මල් වඩම් නැතත් ඉරමල යළි නැගීයන්
දැන් ඉතින්
තබා යමි ඔබ අසල අභීතව
තේජෝ බල වක ගැසුණු දළ දෙක
Hingaman Yadeema Thahanan - හිඟමං යැදීම තහනං
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Nagollagoda Dharmasiri Benadick - නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්
- ISBN: 9789550476107
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Maye Amme Yamu Yanda - මයෙ අම්මෙ යමු යංඩ
දවසක් හලාවත හෝටලයකදී මිනිහෙක් එක්ක බුදියගන්ඩ ඇඳට පත්තරයක් එලද්දී ඒ පත්තරේ “අභිසාරිකා සහෝදරියට” කියල..
Rs. 300.00
Thel Nathuwa Awilenda - තෙල් නැතුව ඇවිලෙංඩ
දොඹමල් දැන් බුදියගන්ඩ ... !!! පාං බට්ට හෝං ගගහ එන කලට නංගි වඩං මං දිව්වා වෙල කොණට බේබි ඇවිත් ජෑම් බ..
Rs. 300.00