දැඩි හිරු රැසින් පීඩා විඳිමින් පළතුරු නෙළූ ආසියාට තද පිපාසයක් දැනුණි. ඇය අසල තිබූ ළිඳකින් දිය පොදක් පානය කළාය. ආගමට අපහාස කිරීමේ චෝදනාව ඇයට එල්ල විය. පාකිස්තානයේ කිතුණු බැතිමතියක වූ ආසියා සිය පිපාසය සංසිඳුවා ගෙන තිබුණේ මුස්ලිම්වරයෙකුට අයත් ළිඳකිනි. ඒ වරදට ඇයට නියම වූයේ මරණීය දණ්ඩනය යි. මෙය 21වැනි සියවසේ සිදු වූ සත්‍ය කතාවකි! -දිය බිඳක අවනඩුව-
ඇගේ පියා බිම් කුටියක අන්ධකාරයේ දී ඇයගේ ජීවිතය කිළිටි කළේ ය. වයස අවුරුදු දහසයේ දී බලහත්කාරයෙන් තමා නාඳුනන තැනැත්තකුට විවාහ කර දීමට ගත් තැතට එරෙහි ව ඇය නිවසින් පලා ගියා ය. කෝපයට පත් ඇගේ පියා දාමරික කල්ලියක් සමඟ ඇය සොයා ආවේ ඇගේ ජීවිතය කෙළවර කරන අපේක්ෂාවෙනි. තැනින් තැනට පලා යමින් ඇය නිදහස හා ආදරය සොයා ගියා ය...Imamge Diyaniya - ඉමාම්ගේ දියණිය
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Kumara Siriwardana - කුමාර සිරිවර්ධන
- ISBN: 9789556770803
- Availability: Available
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60