'කෙත සහ පින්කෙත ශ්‍රී ලාංකේය බෞද්ධ ආරාමික ආර්ථිකයේ ආරම්භක සියවස් පහක කාලය පිළිබඳ අභිලේඛන ප්‍රමුඛ බහු විධ මුලාශ්‍ර පදනම් කොටගත් පුළුල් අධ්‍යයනයක ප්‍රතිඵලයකි. මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන හැරුණු විට වෙනත් විද්වතකුගේ අවධානය තද් විෂය ක්ෂේත්‍රයට මෙතෙක් යොමු නොවීම නිසා ආරාමික ආර්ථිකය බෙහෙවින් යටපත් වූ තේමාවක්ව පැවැතියේ ය. ආයතනික විචල්‍යතා සමග විහාර, දේපළ හිමි ආයතන බවට පත්වීම, සංඝ සමාජය ඊට අනුගත වීම හා ඒ ඔස්සේ භික්ෂු සම්ප්‍රදායේ විවිධ අංශවල ඇති වූ පර්වර්තන මෙහි ගැඹුරින් සාකච්ජාවට ලක් කර තිබේ.
මෙය තවදුරටත් ආර්ථික පුරාවිද්‍යාව මෙරට ශාස්ත්‍රීය අවකාශය තුළ ස්ථාපිත කරනු පිණිස වන උපයෝගිතාවකින් ද යුතු වන අතර, ශ්‍රී ලාංකේය භික්ෂුව සහ ආර්ථිකය අතර සබඳතාව සාකච්ජා කරනු පිණිස ම වෙන් වූ පළමු ග්‍රන්ථය ද වන්නේය.
පිටු 540
Ketha Saha Pinketha - කෙත සහ පින්කෙත
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Ishanka Malsiri - ඉෂංඛ මල්සිරි
- - Agriculture - කෘෂිකර්මාන්තය
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245546459
- Availability: Available
-
Rs. 1,500.00