‘‘අපි කොහොම හරි මා ගෙන්න ගන්න ඕන. එහෙම නැති වුණොත් දිනේයො මැරෙන්නයි යන්නෙ.”
‘‘ඒත් ඒක කරන්නෙ කොහොමද?” ටීරෝ උන්නෙ මොනවත් හිතාගන්න බැරුව.
එයාලගෙ මා රස්සාව කරමින් ජීවත් වුණේ ගමේ ඉඳල කිලෝමීටර් තුන්සීයකටත් වඩා දුරින්. ජොහැන්නස්බර්ග්වල.
‘‘අපිට මහපාරට ගිහිල්ල ඒක දිගේ ඇවිදගෙන යන්න පුළුවනි.” නලේදි සන්සුන් හඬින් කිව්වා.
පිටුව 02
දිනේයෝ පුංචි නංගිට ගොඩක් අමාරුයි. එයා අසනීපෙන්. නලේදිට හරි දුකයි. එයා
නංගිට ගොඩක් ආදරෙයි. අම්මා උන්නෙ ඈතක. තාත්තත් නෑ මියෑදිලා. නලේදියි, මල්ලි
ටීරෝයි, දිනේයෝ පුංචි නංගියි රැක බලාගන්න දුර ඈත පෝසත් ගෙදරක බැලමෙහෙ
කරන්න අම්මට සිද්ද වෙලා. පුංචි ඈයො තුන් දෙනා උන්නෙ ආච්චි අම්ම එක්ක. ඒක
දුප්පත්කමේ පතුලටම ඇද වැටුණු දුෂ්කර ගමක්. හරිම අකාරුණික විදියට දිළිඳුබවේ
රකුසා අහිංසක දරුවන්ව බිල්ලට ගත්තා. නලේදිට තමන්ගෙ නංගි ගැනත් මහා බයක්
දැණුනා.
පුංචි නංගිව බේරගන්න නම් අම්ම ඉන්නම ඕන කියල නලේදි ට
හිතුණා. කොහොම හරි අම්මව හොයාගෙන ගෙදර එක්කරගෙන එනවා, ඈ එක හිත් හිතාගෙන
මල්ලි ටාරෝවත් එක්කරගෙන මගට බැස්සා.
ත්ස්වානා බසින් නලේදි කියන්නෙ උදා තරුවට.. මේ උදා තරුවක කතාවයි සැබවින්ම..
සුදු මිනිසුන්ගේ දැඩි නීතිරීති වලින් අමානුෂික විදියට පාලනය වෙන රටක අඳුරු
සමක් සහිත වීම ම කොතරම් අපරාදයක්ද කියන එක මේ ගමන පුරා නලේදිත්, ටාරෝත්
තේරුම් ගන්නවා. ඒ වගේම කොතරම් දුෂ්කරතා මැද වුණත් ආදරය, මනුෂ්‍යත්වය නොනිවී
දැල්වෙන බවත්, ඉතාම දුෂ්කර ජීවිතයක් වුණත් දරාගන්න ධෛර්යය දෙන්න ආදරයට
පුළුවන් නේද කියලත් නලේදිගෙයි ටීරෝගෙයි කතාව කියවගෙන යද්දි හිතෙනවා. ආදරය
ලඟ දැනෙන පොහොසත්කම ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අප්‍රමාණ ශක්තියක් වෙනවා.
නිදහස කියන වචනයේ තියෙන ගැඹුර, වටිනාකම ඒ නිදහස දිනාගැනීම වෙනුවෙන් කළ
යුතු අරගලය ගැනත් මේ ගමනෙදි පුංචි උන් දෙන්නා වැටහීමක් ලබනවා. තමන්ගෙම
භූමියේ පිටස්තරයන් වී හිඳීම, අපාරාධකරුවන් සේ නිරන්තරයෙන් අවමානයට නින්දාවට
පීඩාවට වේදනාවට පත් වීමට සිදුවීම තරම් ඛේදවාචකයක් තවත් තියෙනවද?
Johannasberg Kara - ජොහැන්නස්බර්ග් කරා
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Beverly Naidu - බෙවර්ලි නායිදු
- ISBN: 9789551558413
- Availability: Available
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20