කොළඹ මැද තිගැස්සෙන
මට පෙනේ ඔබ මුහුණ
පදිකයකු ලෙස පෙරට
සෙනඟ මැද පිය නගන
ආලේඛ සිත්තරකු වුවොත් මම අඳින්නෙමි
වැන් ගෝ ට ඇඳිය හැකි මොඩන් ඩේවිඩ් මුහුණ
බඳ පටිය ලිහිල් වී සැර පහර නිකුත් වී
සුළු දියෙන් තෙමී යන කොළඹ කළු බිත්තියක
දවාල ට බත් බුදින තෝස කඩ වසා ඇත
ඉහඳ වැපිරූ නිසා සීල් කර තබා ඇත
නිදිවරා ගෙන ලියූ තවත් අත් පිටපතක්
ඇපයකට තබා ඇත ගේ කුලිය ගෙවා නැත
මෙය නීච නගරයකි කලාවේ රුදු රුපුන්
සොයා ගෙන වෙසඟනන් තාප්පයකට තබා
දත් කැඩෙන හාදු දී විකල් සොමි ධාතුවෙන්
කලාවට දිවි පුදන අමුතු දරුවන් හදන
අතර මඟ හඬ නගා කතා කළහොත් ඔබට
නෙත් යුවල විසල් වුව කඳුලකුදු නොදිස් වේ
තිගැස්සී බලන මා එකවරම දකින්නේ
මගේ මුහුණ ම පෙනෙන ආලේඛ සිත්තමකි
K K - කේ කේ
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Eric Illayaparachchi - එරික් ඉලයප්ආරච්චි
- ISBN: 9789553066367
- Availability: Available
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20