ස්වර්ණ පුස්තක සම්මාන උළෙල 2013
ස්වර්ණ පුස්තක සම්මාන ප‍්‍රදානයේදී අවසාන විනිශ්චය ඉදිරිපත් කළ අවස්ථාවේ ස්වර්ණ පුස්තක සම්මාන තේරීමේ තුන්වන, මණ්ඩලය කාල සර්ප නවකතාව තෝරා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ සඳහන මෙසේය.
”හත්වැනි ස්වර්ණ පුස්තක සම්මාන ප‍්‍රදානයේ, අවසාන
විනිශ්චය මණ්ඩලය වන අප පස්දෙනා වෙත, ප‍්‍රශස්තම නවකතාව තෝරාගැනීම සඳහා
නවකතා පහක් ඉදිරිපත් කරන ලදී.
මෙහිදී ආරම්භයේදීම එක් කරුණක් අවධාරණය කළ
යුතුයි. නවකතාවද ඇතුළු කවර හෝ සෞන්දර්යමය කෘතියක් අගය කිරීම සඳහා
නිරපේක්ෂක අගයන් නොමැති බවයි. එම අගය කිරීම හැමවිටම සාපේක්ෂ ගුණයෙන් යුතු
වෙයි. එය කෘතියෙන් කෘතියට සාපේක්ෂ වන්නා සේ ම, විනිශ්චය කරන්නෝද, සාපේක්ෂ
අගයන් දරති. ඒ හෙයින් මතු යම් දිනෙක, පොදු සම්මුතියෙන් පිළිගන්නා
‘විශිෂ්ටතම’ නවකතාව ලියැවෙන තෙක් සම්මාන නොදිය යුතු යැ’යි යන ආස්ථානය බැහැර
කරමු.
මේ නවකතා පහ අගය කිරීමේදී අප අනුගමනය කළේ සාකල්‍යවාදී (Holistic
Approach) ප‍්‍රවේශයකි. එතෙකුදු වුවත් එය හැකිතාක් ක‍්‍රමික සැලැස්මක්
තුළට ගෙන ඒම සඳහා පහත සඳහන් ද්විවිධ අවලෝකනයන් උපයෝගී කරගත්තෙමු.
අ. පඨිතය ගොඩනැගීමේදී යොදා ගත් ශිල්පීය හා කලාත්මක ශක්‍යතා
ආ. කතිකාමය ලක්ෂණ හා මැදහත්කාරක ගුණය නැවත මේ සංරචක අතර පළමුවැන්න,
1. නවකතාකරුවා තෝරාගත් කතා මාදිලිය
2. චරිත හා චරිත ගොඩනැංවීම හෙවත් චරිතායනය
3. කතන්දරය හා කතා වින්‍යාසය
4. භාෂාව හා ආඛ්‍යාන උපායන් යනුවෙන්ද,
1. කතිකාමය ප‍්‍රබලත්වය.
2. සමස්ත ආවරණය :ඔදඒක ෑෙෙැජඑ*
ලෙස සලකා බැලීමු.
මේ පදනම් මත පිහිටා සලකා බැලීමෙන් පසු, අවසාන තේරීමට ලක්වූ, මේ නවකතා පහ අතර ප‍්‍රශස්තම නවකතාකරු වනුයේ කාල අවකාශ සන්දර්භය කෙරෙහි අවධානය රඳවා ගනිමින්ද, පරිස්සමින් ගොනු කළ, බහු ශාබ්දිත භාෂා භාවිතයන්ගේ සන්නද්ධ වෙමින්ද නවකතාවේ එන පාත‍්‍ර වර්ගයාගේ, අභ්‍යන්තරික අනපේක්ෂිත මානයන් මෙන්ම, ප‍්‍රතිරෝධතාද මතු කරමින්, චරිතවල නියෝජනාත්මක ගුණය කෙරෙහි සැලකිලිමත් වෙමින්, ලාංකේය සමාජ පරිවර්තන ක‍්‍රියාවලියේ නිමේෂයක් පිළිබඳ මානුෂීය කතාන්තරයක් ඔස්සේ, පාඨක වින්දනේන්ද්‍රියන් නව ඉම් කරා ගෙනයන ප‍්‍රශස්ත වියමනක් වෙනුවෙන්, කීර්ති වැලිසරගේ ලේඛකයාගේ කාලසර්ප නම් නවකතාවයි.”
- 2013 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩල වාර්තා
Kala Sarpa - කාල සර්ප
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Keerthi Welisarage - කීර්ති වැලිසරගේ
- - Award Winning and Nominated Books - සම්මානිත සහ නිර්දේශිත පොත්
- - Swarna Pusthaka Award Nominated Books 2013 - 2013 සවර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789556716542
- Availability: Available
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 150