ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය
-----------------------------
ගිනි තිබ්බ පොළොව මත
පුදුම සිසිලක් ඇසතු ගස යට
කාක වංශයෙන් ඉපදුනද
සුදුයි ඒ සුසුදු සිසිලස
ප්‍රේමයේ සළුපිළි පැළඳ
ප්‍රේමයම නිබඳ පොළොවේ අතුරන
හදවතක හැඩය ගෙන
ලබ් ඩබ් හඬම නංවන
ළදළු පත්, ළදරු ප්‍රේමය
වැඩුනු පත්, යොවුන් ප්‍රේමය
මහළු පත්, වැඩිහිටියන්ව
බිම දැමූ ප්‍රේමයක් වැළඳගෙන
ඉතින් මා පිය හිතවත
ප්‍රේමයට ඇරුණු මේ බිම්කඩක
පෙම්වන්ත මිමිනුමක
වල් කමක් සොයන්නේ කොහොමද
කැට මුගුරු කඩු කිනිසි
බෝසත් ද, ඇසතු ගසයට බුදු වූ
පිටදී උන්නු අප දෙදෙන
ජුදාස් ද දෙව්දත් ද? කියනූ
ඇය පටාචාරා,
කලින් ප්‍රේමය අහිමි කල
මම නන්ද
සොයාගත් වෙන්කරපු ප්‍රේමය
ඉතිං මේ පෙම්වන්ත අඩවිය
නොවෙද හොඳ යළිත් පැළවෙනු
පහරදෙනු වෙනුවට දරාගෙන
ඇසතු කොළ හදවතේ ප්‍රේමයම දකිනූ.
Asathu Gaha Yata Pahara Ke Premaya – ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Kapila M Gamage - කපිල එම් ගමගේ
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786242040400
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Muhudata Muhuna La Sohonaki - මුහුදට මුහුණ ලෑ සොහොනකි
මුහුදට මුහුණ ලෑ සොහොනකි. ----------------------------------------------- පැඟිරි මානා පත් සෙමෙන් පිරි..
Rs. 275.00
Aparade E November - අපරාදේ ඒ නොවැම්බර්
මේනකා සාමාන්‍යයෙන් අවදිවන්නේ අනෙක් අයට වඩා පාන්දරින්. කුඩා දරුවෙකු කිරි ඉල්ලා හඬන හඬ තමයි ඇගේ එලාම් ..
Rs. 300.00
Peden Badi Vidum - පෙදෙන් බැඳි විඳුම්
සන්නිවේදන තාක්ෂණයේ සිදු වූ විප්ලවීය පොලා පැනීමෙන් අනතුරුව ඒකභාවී ව තමන්ගේ මතය, අදහස, හැඟීම පොදු අවකා..
Rs. 900.00