අහිමි ජීවිත“ අහිමි වූ හැටි.....
අවුරුද්දකට වතාවක් වළ සතිය එනවනෙ. වළේ නාට්‍ය බලන්න නං අහල පහල ගං වලිනුත් පවුල් පිටිං එනව. ඒ මුදලට කොහෙන්වත් නාට්‍යයක් බලන්න බැරි නිසාම නොවෙයි. වළේ නාට්‍යයක් බලන එක අපූරු අත්දැකීමක් නිසා. එක අතකින් එළිමහන් රංග පීඨයක, පිණි බාමින් නළු නිළියන් හා බොහොම සමීපව නාට්‍යයක් නරඹන එක වෙනස්ම අත්දැකීමක්. අනෙක් අතට වළට ගේන්නෙ ඒ ඒ වසරෙ හොඳම වේදිකා නාට්‍ය තමයි. හූවක් නැතිව පේරාදෙනි වළේ නාට්‍යයක් පෙන්න ගන්න ලැබෙනව කියන්නෙ විශාල ජයග්‍රහණයක් විදිහටයි බොහොමයක් නාට්‍යකාරයො සළකන්නෙ.
සරච්චන්ද්‍ර වළ කියලත් හඳුන්වන පේරාදෙනි සරසවියෙ එළිමහන් රංග පීඨය පිහිටල තියෙන්නෙ ගලහ පාරෙ හිල්ඩා ඔබේසේකර නේවාසිකාගාරය ආසන්නයේමයි. හිල්ඩ එකේ බැල්කනියට නැග්ගම පහළින් තියෙන වළ පේනව. රඟපානවත් පේනව. ඒත් සමහර වෙලාවට දෙබස් පැහැදිලිව ඇහෙන්නෙ නෑ. මේ කියන දවසෙ පෙන්නන්න නියමිත වෙලා තිබුණෙ නාට්‍යකලාව පිළිබඳ පශ්චාත් උපාධිය දැරූ ලංකාවේ හිටිය එකම ආචාර්යවරයා වූ දිවංගත සාලමන් ෆොන්සේකාගේ “අහිමි ජීවිත” නාට්‍යය. කවුරුත් නාට්‍යය ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන උන්නෙ සාලමන් ෆොන්සේකා කියන්නෙ පිටරට ගිහිං නාට්‍යකලාව හදාරල ආව කෙනෙක් නිසයි. ඔන්න නාට්‍ය දර්ශනය පටංගත්ත කියමුකෝ. වළ පිරෙන්න සෙනග. ඉඩ නැතිවද, ගජේට සෙට් වෙන්නද මංදා සෑහෙන පිරිසක් වළෙන් එළියෙත් උන්නා.
නාට්‍ය නිවීහැනහිල්ලෙ වේදිකාගත වෙනවා. වැඩි සද්දබද්ද තියෙන, දැඟලිල්ල තියෙන නාට්‍යයක් නොවුණ හංදා එච්චර ගෝ එකක් තිබුණෙ නෑ. මෙන්න එකපාරටම උඩහින් මෙහෙම සද්දයක් ආව. “තව ටිකාක් හයියෙන් කිව්ව නාං........” කියල. දෙබස් එතරම් සද්දෙට ඇහෙන්නෙ නැති නිසාද කොහෙද මීයකට පිම්බ වගේ සද්ද බද්ද නැතිව උන්න ප්‍රේක්ෂකාගාරය මදක් සලිත වුණා. කසුකුසුවක් මතු වුණා. සුපුරුදු විදිහට තැනින් තැන “ෂූ.....” සද්දයක් ආවම හැමෝම නිහඬ වුණා. ටිකකින් ආහෙම උඩහින් හයියෙන් සද්දෙ ආවා. ඒ හඬ නාට්‍යයේ දෙබස් අබිබවා පැතිරුණා. “ ඇහෙන්නෙ නැතෝ...තව ටිකාක් හයියෙන් කිව්ව නාං........” ඒ එක්කම ප්‍රේක්ෂකාගාරයෙන් “ඒයි මෝඩයා.....” කියල එකෙක් කැගැහුවෙ උඩහින් සද්දෙ දාන එකාට. ඒ එක්කම වළේ තැනින් තැන “කටවහපන් මෝඩයා...”, “ ඒයි මෝඩයා” වගේ දෙබස් සද්දෙට මතු වුණා.
නළු නිළියො වේදිකාව පිටුපස ඉද්දි වේදිකාවට තනිවම ආව සාලමන් ෆොන්සේකා ආචාර්යතුමා කෝපයෙන් කෑ ගැහුවා. “ මොකාද හූ කියන්නෙ. නාට්‍ය බලන්න බැරි උන් පලයව්. විශ්වවිද්‍යාලෙ කිව්වම මං හිතුවෙ බුද්ධියක් තියෙන උං ඉන්න තැනක් කියල. දැං බලද්දි මුං සේරම නරි” ඔය වචනම නොවුණත් ඔය වගේ සද්දයක් දැම්ම. ආයෙ මොන ජගතට කියන්නද... මුළු වළම විතරක් නොවෙයි වළෙන් පිටතත්, හිල්ඩා ශාලාවෙත් එකම හූවකින් ගිගුම් දෙන්න පටංගත්තා. ඊට පස්සෙ සක්කරය ආවත් හූව නවත්තනව බොරු. නාට්‍ය නවත්තල අකුලං යනකල්ම හූව නැවතුණේ නෑ. ඔන්න “අහිමි ජීවිත” නාට්‍ය දර්ශනය අහිමි කොරගත්ත හැටි.
සේරම අවසන් වෙලා සාමකාමී වුණාමයි දැනගත්තෙ. මුලින්ම කෑ ගහල තියෙන්නෙ හිල්ඩා ශාලාවෙ බැල්කනියට වෙලා නොමිලේ නාට්‍ය බලපු එකෙක්. මිනිහට උඩට ඇහෙන්නෙ නැති නිසයි “තව ටිකාක් හයියෙන් කිව්ව නාං........” තියල සද්දෙ දාල තියෙන්නෙ.
ඒකටයි මෝඩයා කියල ප්‍රතිචාර දක්වල තියෙන්නෙ. සාලමන් ෆොන්සේකා හිතල තියෙන්නෙ නාට්‍ය හොඳ නැති නිසා එතුමාට මෝඩය කිව්ව කියලයි. ඒකයි තරහ ගිහිං වේදිකාවට ඇවිත් බනින්න පටංගෙන තියෙන්නෙ. අන්තිමේට වුණේ සල්ලි වලට ටිකට් අරං නාට්‍යය බලන්න ආව අයට නාට්‍යය අහිමි වීමයි.
ඒකනෙ කියන්නෙ හූවක් නැතිව පේරාදෙනි වළේ නාට්‍යයක් පෙන්න ගන්න ලැබෙනව කියන්නෙ විශාල ජයග්‍රහණයක් කියල.
Kee Noki Katha - කී නොකී කතා
- Publisher: Ahasa Publishers - අහස ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Henry Warnakulasuriya - හෙන්රි වර්ණකුලසූරිය
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789557861944
- Availability: Available
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Villaravadiya - විල්ලරවාඩිය
බහු ආගමික, බහු ජාතික ලාංකික ගම්මානයක වෙසෙන විවිධ ජන කොටස්වල චාරිත්‍ර වාරිත්‍ර සමාජ ජීවිතය චින්තනය හා..
Rs. 475.00
Gathanayata Pera - ඝාතනයට පෙර
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය හා බද්ධවී සිටි තරුණයකුගේ කෙටි කාලීන ජීවන පුරාවෘතය පාදක කොටගත්, සමාජ ද..
Rs. 350.00
Dhada Kandaura - දඩ කඳවුර
හැත්තෑ එකේ කැරෙල්ලත්, හැත්තෑවේදී බලයට පත් වූ රජයේ ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග මෙන්ම හැත්තෑ හතේ විවෘත ආර..
Rs. 550.00
Niruwath Jiivitha - නිරුවත් ජීවිත
සත්‍ය සිදුවීම් කිහිපයක වස්තු බීජයන් හා සමීපතම අත්දැකීම් මූලාශ්‍ර කර ගනිමින් රචිත වෙනස් මානයන් කරා දි..
Rs. 275.00
Nadunana Thuwakkukaruwage Kathawa - නාඳුනන තුවක්කුකරුවාගේ කතාව
1987-90 යුගයේ ලංකික සමාජය වෙළාගත් භීෂණයේ සිදුවීම් අළලා සම්පාදනය කළ සත්‍ය කතා ඉන්දියානු බැංකුවට බෝම්බ..
Rs. 350.00
Thirisan Rathriya - තිරිසන් රාත්‍රිය
මිනිසුන්ට තිරිසනුන්ට වඩා අන්ත ලෙසින් සලකන බලකොටුව තුලට මා ගෙන යනු ලැබුවේ දවසේ මෙහෙවර නිමාකොට හි..
Rs. 250.00
Neethyanukula Ghathanaya Saha Thawath Kiyubanu Ketikatha - නීත්‍යනුකූල ඝාතනය සහ තවත් කියුබානු කෙටිකතා
සිංහල භාෂාවට පරිවර්තනය වූ ප්‍රථම හා එකම කියුබානු කෙටිකතා එකතුව. අප නිවසට ඉදිරිපසින් වූ නිවසක මහලු යු..
Rs. 300.00
Noki Katha - නොකී කතා
‘ලක්මිණ’ පුවත්පතේ 1990 නොවැම්බර් 03 වැනි දා පළ වූ මගේ නිර්මාණයක් වෙනුවෙන් අපූර්ව චිත්‍ර සටහනක් එක් ව..
Rs. 650.00
Nirnamika Pemwathiya 18+ Wasekthami Saha Thawath Katha - නිර්නාමික පෙම්වතිය 18+ වාසෙක්තමි සහ තවත් කතා
උපාධි බම්බුවවසර ගණනාවක් විදෙස් රටක රැකියාව කළ මා එකී කොන්ත්‍රාත්තුව අවසානයේ ආපසු ලංකාවට පැමිණ වැඩි ද..
Rs. 350.00